ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ  Peo TV සේවාව ඊයේ (29) රාත්‍රී වාර්ෂාධික කාලගුණ තත්වය අතරතුර බිඳවැටීමකට ලක්විය.
එම අවස්ථාවේ පාරිභෝගික සේවා අංශයද අකර්මන්‍යවී තිබීම හේතුවෙන් අදාළ සේවාව ලබන පාරිභෝගිකයින් අසීරුතාවයකට ලක්වූ බව වාර්තා විය.
තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් පීයෝටීවී සර්වර සඳහා ඇතුළුවීම තාවකාලිකව අවහිරව තිබූ බව වාර්තාවේ.
කෙසේ වෙතත් බදාදා උදෑසන වනවිට තත්වය යථා තත්වයට සැකසීමට අදාළ අංශ පියවර ගෙන තිබේ.