සෞදි අරාබිය සතියක කාලයක් සඳහා සිය දේශසීමා වසා දැමීමට තීරණය කර ඇතැයි පවසයි. මේ වනවිට බ්‍රිතාන්‍ය ඇතුළුව යුරෝපය තුළ පැතිර යන COVID-19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සදහා සෞදි අරාබිය මෙම තීරණය ගෙන තිබේ.  ඒ අනුව ඊයේ (21දා) දිනයේ සිට සතියක කාලයක් සඳහා සෞදි අරාබිය වෙත සිදුකරන ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සියල්ල අත්හිටුවීමටත්, නෞකා මගින් හෝ දේශසීමාව හරහා හෝ රට තුළට ඇතුළු වීම හෝ තහනම් කිරීමටෙ මෙහිදී පියවර ගෙන ඇත.


බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඇතුළු ප්‍රදේශවල පැතිර යන මෙම COVID-19 වෛරසයේ නව ප්‍රභේදය ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත්, එය තම පාලනයෙන් මිදී ඇති බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් පවා නිවේදනය කර තිබේ.

සෞදි අරාබි බලධාරින්ට අනුව සතියකට පැනවූ මෙම තහනම බොහෝ දුරට තවත් සතියක කාලයක් සදහා දික්ගැස්සීමේ අවස්ථාවද පවතී. ඒ අනුව මෙම කාලය තුළ සියලුම ගුවන් තොටුපොළ, වරාය ජාත්‍යන්තර පැමිණීම් සදහා වසා දමන බව පවසයි. එහෙත් අභ්‍යන්තර සංචරණ කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක වෙයි.