පොතුවිල් මහ රෝහලේ කම්කරුවකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු එම රෝහලේ 2වැනි වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි පොතුවිල් සෞඛ්‍ය අංශ පවසයි. ඕලුවිල් ප්‍රදේශයේ පදිංචි මෙම රෝහල් සේවකයා ඇතුළුව පොත විල් ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගීන් තිදෙනකු හඳුනාගෙන
ඇතැයිද සෞඛ්‍ය අංශ සදහන් කරයි. මහනුවර ත්‍රිත්ව විදුහල් නිල නිවාස දෙකක සිටී 13 දෙනකු කොරෝනා ආසාදිතව ඇතැයි මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා පවසයි. මහනුවර නගර සභා සීමාව තුළින් රෝගීන් 121 දෙනකු ද, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් රෝගීන් 135 දෙනකු ද, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් රෝගීන් 40 දෙනකු ද මේ වන විට වාර්තා වී ඇතැයි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.මීගමුව මහ නගර සභාවේ කැළි කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රියැදුරන් දෙදෙනකු, වරාය සේවකයකුගේ බිරිඳක ඇතුළු 294 දෙනකු මීගමුව ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රත්නපුර කුඩගලවත්ත ප්‍රදේශයේ ආපනශාලා දෙකක සේවකයන් දෙදනකු කොරෝනා රෝගීන් ලෙස හඳුනාගැනීමෙන් පසු එම ආයතන වහාම වසා දැමීමට කටයුතු කර ඇතැයි රත්නපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රොෂාන් අමරසේකර මහතා පවසයි. රත්නපුර පදිංචි ත්රිවිල්රථ රියදුරෙකු ඉකුත් 8 වැනිදා කොරෝනා රෝගියකු බවට හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකෙරුණ ලද පී සී ආර් පරික්ෂණයකදී මෙම ආපනශාලා සේවකයන් හඳුනාගෙන ඇති බවද අමරසේකර මහතා සදහන් කළේය.
මාතලේ මහ නගර සීමා බල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක සේවකයන් පස් දෙනකු කොරෝනා රෝගීන් ලෙස හඳුනාගැනීමෙන් පසු එමට ආයතන තාවකාලිකව වසා දැමූ බව මාතලේ මහ නගර සෞඛ්‍ය අංශය පවසයි. මහනුවර පොලිස් කොට්ඨාසයේ පූජාපිටිය, වෙලම්බඩ, මහනුවර සහ අලවතුගොඩ යන ස්ථානවලින් මේ වන විට කොරෝනා රෝගීන් 34 දෙනකු වාර්තා වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අලවතුගොඩින් සහ කටුගස්තොටින් 08 දෙනකු බැගින් ද, මහනුවර බෝවලින් 05 දෙනක ද, පල්ලේකැලෙන් 04 දෙනකුද සහ දවුලගලින් 04 දෙනකු ද වශයෙන් එලෙස හඳුනාගෙන ඇතැයි සදහන් වෙයි. ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ පදිංචි ඇවන්ගාඩ් ආයතනයේ සේවකයකු සහ පාසල් ශිෂ්‍යාවන් තිදෙනකු, ඇතුළු 06 දෙනකු කොරෝනා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව පදිංචිකරුගේ බිරිඳට සහ දියණියටද කොරෝනා රෝගය වැළදී ඇති අතර දියණිය ඉගෙනුම ලබන විද්‍යාලයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45 දෙනකු සහ ගුරුවරු 16 දෙනකු ස්වයං නිරෝඣායනයට යොමු කර ඇති බවද සදහන් වෙයි. එසේම, මෙම පාසල් ශිෂ්‍යාවගේ මව ඇඟලුම් කම්හලක සේවිකාවක මැණින් ඇය රැකියාවට ගිය අදාළ ආයතනයේ බස් රථයේ ද හඳුනාගෙන ඔවුන් ද පී සී ආර් පරික්ෂණයකට යොමු කිරිමට එම ආයතනය කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදිත අනෙක් අය වයස අවුරුදු විසි තුනක කාන්තාවක සහ අවුරුදු දෙළහක සහ දාහතරක පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත මාමඩල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරියට කොරෝනා ආසාදිතව ඇතැයි අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය යූ. පී. මාලක මහතා පවසයි. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ කොරෝනා ආසාදිත පිරිස 281 දක්වා වර්ධනය වී ඇතැයි අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය මහ ලේකම් සමීර ජයවර්ධන මහතා පවසයි. ඉකුත් සතිය හුදකලා කරන ලද වේයන්ගොඩ නිදහස් මාවත කම්කරු නිවාස සංකීර්ණයේ පවුල් 62කට අයත් සාමාජීකයන් 200 කට පමණ අවශ්‍ය රුපියල් 5000 වටිනා ආහාර මලු බෙදා දුන් බව ද ජයවර්ධන මහතා සඳහන් කරයි. තල්දූව මහජන පොළ ආශ්‍රිතව සිදු කළ පී සී ආර් පරික්ෂණවලින් එහි වෙළදුන් සිව් දෙනකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් එම මහජන පොළ ලබන 24 වැනිදා තෙක් තාවකාලිකව වසා දැමුණු බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. තල්දූව මහජන පොළ ආශ්‍රිතව ත්‍රීරෝද රථ රියැදුරන් මෙන්ම වෙළෙඳුන් 35 දෙනකු ආශ්රයෙන් සිදුකරන ලද පී සී ආර් පරික්ෂණයකින් මෙම රෝගීන් වාර්තා වී තැයි ද සදහන් වෙයි.
විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ රාජකාරි කළ බලන්ගොඩ පදිංචි පොලිස් නිලධාරියකගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇතැයි බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙම නිලධාරියාට කොරෝනා ආසාදිත වූ බවට තහවුරු වී තිබියදී ඔහුගේ බිරිඳ නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර සිට ඇති බවත් පසුව සිදුකරන ලද පී සී ආර් පරික්ෂණයකදී ඇයටම කොරෝනා ආසාදිත බවට තහවුරුවී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි. අනුරාධපුර තන්තිරිමලය, තුප්පිරියාව, ඉපලෝගම, පදවිය සහ ශ්‍රී පුර යන ප්‍රදේශවල සිදුකෙරුණ ලද පී සී ආර් පරික්ෂණවලදී කොරෝනා රෝගීන් දස දෙනකු හඳුනාගෙන ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ ජන සෝමතිලක මහතා පවසයි. මේ අතර සිටින පදවියේ පදිංචි රෝගියා කොළඹ ජාතික රෝහලේ ආපන ශාලාවක සේවය කළ 35 හැවිරිදි අයකු බවත් රෝගීන් සියලු දෙනා වැලිකන්ද සහ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් සෝමතිලක මහතා සඳහන් කරයි.
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාර කැවුම්වත්ත ප්‍රදේශයේ සිව් දෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම ප්‍රදේශයේ 150 දෙනකුට සිදුකළ පී සී ආර් පරික්ෂණයේදී මෙම රෝගීන් හඳුනාගෙන ඇතැයි ද සඳහන් වෙයි. තලවකැලේ වටගොඩවත්ත, ලිඳුල, මාවුස්සාඇල්ල හා ආගරපතන හුටවීල් යන වතුවල පදිංචි තිදෙනකු කොරෝස්නා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝගීන් තිදෙනාම කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිට මෙම ප්‍රදේශවලට පැමිණි පිරිස බවද සඳහන් වෙයි. බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් වේයන්ගල්ල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් පිරිස 165 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මංජුල මුදලිගේ මහතා පවසයි. මෙම ප්‍රදේශයේ පමණක් පී සී ආර් පරික්ෂණ 400ක් සිදුකර ඇතැයි ද මුදලිගේ මහතා සඳහන් කරයි.
මංගල උත්සවයක මනාලියට සහ ඇගේ මවුපියන් ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව රක්වාන පොලිසිය කියයි. රක්වාන ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකු විදෙස් ගතවීම සදහා සිදුකළ පීසීආර් පරික්ෂණයකින් එම තැනැත්තා කොරෝනා රෝගියකු බවට හඳුනාගෙන ඇති බවත් පසුව එම මංගල උත්සවයේ සිටි මනාලිය ඇතුළු පිරිසකට සිදුකරන ලද පී සී ආර් පරික්ෂණයේදී මේ බව තහවුරු වී ඇති බවත් පොලිසිය කියයි. එසේම, මෙම රෝගීන් ඇසුරු කළ තවත් පවුල් හතක අනූ දෙකක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද සඳහන් වෙයි. අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ගිරිකොළ ග්‍රාම නිලධාරි වසම් කොරෝනා රෝගීන් 17 දෙනකු හඳුනාගෙන ඇතැයි අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක චන්දන තෙවරප්පෙරුම මහතා පවසයි.
63 දෙනකු සදහා සිදුකළ පී සී ආර්. පරික්ෂණවලදී මෙම රෝගීන් හඳුනාගෙන ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ සමස්ත රෝගීන් පිරිස 47 දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයි. අවදානම් තත්වයක පවතින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය නිවේදනය කර ඇත. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉකුත් 12 වැනිදා වන විට කොරෝනා රෝගීන් 485 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් 51 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි ඒ මහත්මිය පැවසුවාය. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදාගල ප්‍රදේශයෙන් එකම පවුලේ තිදෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එසේම, කුරුවිට සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කර ඇතැයි ද සඳහන් වෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 85 දෙනකු මේ වන විට වාර්තාවන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කොරෝනා තොරතුරු ඒකකය පවසයි. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ 20 දෙනකු වාර්තා වී ඇත්තේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවද සඳහන් වෙයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිතයන් පිරිස 254 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් බවත් එම ගණන 126 දෙනකු බවත් සඳහන් වෙයි.
හැටන් අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ බලැක් මෝටර් වතුයායේ සිදුකරන ලද පී සී ආර් පරික්ෂාවෙන් ආසාදිතයක් 19 දෙනකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ රෝගීන් ගණන 126 දක්වා ඉහළ ගොස් ඇතැයි අඹගමුව වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. බස්නාහිර පළාතේ සිට වතුකරයට පැමිණෙන පුද්ගලයන් වෙත සිදුකරන ලද පී සී ආර් පරික්ෂාවෙන් පසු මෙම රෝගීන් හඳුනාගනු ලැබූ බවද කාමදේවන් මහතා සඳහන් කරයි. කිරිබත්ගොඩ නගරයේ ත්‍රීරෝද රථ රියැදුරකුට සහ ව්‍යාපාරික ස්ථානයක සේවකයකුට කාරනා ආසාදිතව රෝහල්ගත කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කිරිබත්ගොඩ නගරයේ සති පොළ ආශ්‍රිතව සිදුකරන ලද අහඹු පී සී ආර් පරික්ෂණයකදී මෙම රෝගීන් හඳුනාගෙන ඇතැයි ද සඳහන් වෙයි. ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පාසල් දැරියකට ඇතුළු තිදෙනකුට කොරන්නා වයිරසය ආසාදිතව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ මවද්ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. මෙම දැරිය 12වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක බවත්, ඇය අධ්‍යාපනය හදාරන විද්‍යාලයේ දරුවන් 26 දෙනකු නිරෝධායනයට යොමු කළ බවත් සංගාරච්චි මහතා සඳහන් කරයි.
දොම්පේ කොට්ඨාසයේ දෙකටන නාරම්පොළ ප්‍රදේශයේ පොහොර ගබඩාවක සේවය කළ හත් දෙනෙකු කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන ඇතැයි දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ඒ අනුව එම පොහොර ගබඩාවට තාවකාලික වසා දැමූ බවද එම කාර්යාලය සඳහන් කරයි. බෝගම්බර බන්ධනාගාරය තුළ නිරෝධායනය වෙමින් සිටි කාන්තා රැදවියන් 23 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බව බන්ධනාගාරය පවසයි.
අහංගම ධර්මාරාම පාරේ පදිංචි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියකුට කොරෝනා ආසදිතව ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද් සිරිවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවය කරන මෙම නිලධාරියාට ගුවන් හමුදා මූලස්ථානයේ නිරෝධායනයට යොමු කර පී සී ආර් පරික්ෂණ දෙකක් සිදුකර ඇති අතර ඒවායින් මෙම නිලධාරියාට රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ. කෙසේ නමුත් මොහු නිවෙසට පැමිණ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සිදුකළ පී සී ආර්. පරික්ෂණයේදී කොවිඩ් ආසාදිතව බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශය සඳහන් කරයි. මාතලේ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව සමස්ත සංඛ්‍යාව 75 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට සහ සියඹලාණ්ඩුව මූලික රෝහලේ හෙද නිලධාරිනියකට ඇතුලු 08 දෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කඹුරුපිටිය මිරිස්වත්ත පුස්සගහහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදිතව ඇතැයි කඹුරුපිටිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රසාද් කොඩිතුවක්කු මහතා පවසයි. මෙම කාන්තාවගේ දියණිය සහ කොළඹ වරායේ සේවය කරන බෑනා මෙම කාන්තාවගේ නිවසට පැමිණ ගිය පසු සිදුකරන ලද පී සී ආර් පරික්ෂණයේදී ඇයට කොරෝනා ආසාදිතව ඇතැයි තහවුරු වී ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි. අටලූගම ප්‍රදේශයේ කාන්තාවන් පී සී ආර් පරික්ෂාව සදහා ඉදිරිපත් වීමේ අඩු ප්‍රවණතාවක් පවතින බවත් මෙය එම ප්‍රදේශයේ රෝගය පාලනයට බාධාවක් වී ඇති බවත් කළුතර දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.
හොරොව්පොතාන දුටුවැව ප්‍රදේශයේ පදිංචි නිවාඩු ලබා පැමිණි යුධ හමුදා සෙබළකුට කොරෝනා අසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පසයි. මෙම හමුදා සෙබළා කොළඹ 15 මෝදර යුද හමුදා කදවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා හොරොව්පතාන ප්‍රදේශයට පැමිණ ඇති බවත් පසුව සිදුකරන ලද පී සී ආර් පරික්ෂණයේදී ඔහු ආසාදිත බවට තහවුරු වී ඇතැයිද සඳහන් වෙයි. හොරණ මොරගහහේන කහටපිටිය පවුල් දෙකකට අයත් 8 දනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි මොරගහහේන මහජන සෞඛ්‍ය පරික්ෂක එල් පී. එල් බණ්ඩාර මහතා පවසයි. ඒ අනුව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් පිරිසI87 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සඳහන් වෙයි.
මාතර දිස්ත්‍රික්කයේ පෙරේදා 12 දිනයේ පමණක් කොරෝනා ආසාදිතයන් 21 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මාතර දිස්ත්‍රික්කයෙන් දිනක් තුළ වැඩිම ආසාදිතයන් වාර්තා වූ දිනය මේ බව ද සඳහන් වෙයි. වව්නියාව සාලම්බකුලම් ගම්මානයේ කොරෝනා රෝගී කාන්තාවක සහ කුඩා දරුවකු හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශය නැවත දැනුම් දෙන තුරු හුදකලා කිරිමට පියවර ගත් බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. එම ගම්මානයේ පවුල් 382ක් හුදෙකලා තත්වයට යොමු කර ඇති කාන්තාව සමීපව ඇසුරු කළ කිහිප දෙනකුගේ පී සී ආර් පරික්ෂණ ද සිදුකර ඇතැයි සඳහන් වෙයි. මොණරාගල අලුපොත ප්‍රදේශයේ ඉකුත් 10 වැනිදා මිය ගිය 60 හැවිරිදි කාන්තාව කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි මෙම කාන්තාගේ නිවසට මින් පෙර පැමිණි මරදාන ප්‍රදේශයේ ඇගේ සහෝදරයකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබිණි.
0 Comments