අඩි 45 ක් පමණ උසැති කොස්ගසකට නැඟ සිහිසුන්ව සිටි තරුණයෙක්  දැඩි පරිශ්‍රමයකින් යුතුව පැය 2ක මෙහෙයුමකින් පසු පහළට ගැනීමේ පුවතක් ඊයේ (25) බදුල්ල, තෙල්බැද්ද වත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.
 

ගසින් බැස්සවූ තරුණයා අනතුරුව සුවසැරිය ගිලන් රියකින් බදුල්ල මහරෝහලට යැවූ බව බදුල්ල පොලිසිය  පැවසීය .

27 හැවිරිදි මෙම තරුණයා කොස් ගසක  අතු කපමින්  සිටියදී වාරුනැතිව වැනෙන අයුරු දුටු කීපදෙනෙක් ගසට නැග කඹයකින් ඔහු ගසට තබා බැඳ පොලිසියට දැනුම් දී තිබේ .

පොලිසිය තරුණයා බිමට ගැනීම සදහා ආයතන කීපයකට කතා කර සහාය ඉල්ලා සිටියත්  පළක්  නොවූ තැන අසල්වැසි තරුණයන් ගසට නංවා කඹයක ආධාරයෙන් සිහිසුන්ව සිටි තරුණයා  පහතට ගෙන දිවි ගලවාගෙන  තිබේ
(පාලිත ආරියවංශ)