පලෙයි ප්‍රදේශයේ සිට කිලිනොච්චිය - පරන්තන් ප්‍රදේශයට බසයකින් රැගෙන යමින් තිබියදී අත්අඩංගුවට ගත් ක්ලේමෝ බෝම්බ කොටි හිතවාදියකුට දීම වෙනුවෙන්, ස්විස්ටර්ලන්තයේ වෙසෙන කොටි හිතවාදී තරුණයන් පිරිසක් අඹුසැමි යුවළකට රුපියල් 85,000ක මුදලක් දී ඇති බවට පරික්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි. ක්ලේමෝ බෝම්බයක්, අත්බෝම්බ සහ ජීව උණ්ඩ ඇතුළු උපකරණ තොගයක් පලෙයි ප්‍රදේශයේ සිට කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයට බසයකින් රැගෙන යමින් සිටියදී 62 හැවිරිදි කාන්තාවක් ඇගේ දියණිය, බෑණා සහ 67 හැවිරිදි තවත් කාන්තාවක්ද පොලිසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ
අධිකරණ නියෝග ලබාගෙන එම බැංකු ගිණුම පරික්ෂා කිරිමට ද පොලිසිය කටයුතු යොදාගෙන යයි. ක්ලේමෝ බෝම්බ, අත්බෝම්බ සහ ජීව උණ්ඩ ඇතුළු යුධෝපකරණ තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් 62 හැවිරිදි කාන්තාව ඇයගේ දියණිය හා බෑනා ද තවත් 67 හැවිරිදි කාන්තාවන්ද වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් ඊයේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඩී.) නිලධාරින් කණ්ඩායමක් වෙත බාරදී තිබේ. යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින්ට ලැබුණු ඔත්තුවක් අනුව ක්ලේමෝ බෝම්බයක් සමග බස් රථයකදී අඹු සැමි යුවල මුලින්ම අත්අඩංගුවට ගෙන පසුව ජීව උණ්ඩ අත්බෝම්බ ඇතුළු යුධෝපකරණ සමග 62 සහ 67 හැවිරිදි කාන්තාවෝ දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -
0 Comments