මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතැම් සේවකයන් උණ රෝගයෙන් පෙළෙද්දීත් වේදනා නාශක පෙති ලබා ගනිමින් අතිකාල දීමනා ලබා ගැනීම සඳහා දිගටම රාජකාරි කටයුතුවල නිරතව සිට ඇතැයි මෙතෙක් කරන ලද පොලිස් පරික්ෂණවල දී තොරතුරු අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩින්ස් ආයතනයේ විදේශිකයන් අට දෙනකු සේවය කළ ද මේ වසරේ දී විදේශයෙන් පැමිණ ඇත්තේ එක් අයකු පමණක් බවත් ඒ විදේශිකයා ද පී.සී.ආර්. පරීක්‍ෂණයකට භාජනය වීමෙන් පසුව නිරෝධායනයට ලක්ව සිටින බවත් පොලිස් පරික්ෂණවල දී තොරතුරු හෙළිවී ඇතැයි වීරසේකර මහතා කීය. ඉන්දියාවේ විසාකාපට්ටම්හී බ්‍රැන්ඩින්ස් ආයතනයේ සේවය කරන ශ්‍රී ලංකිකයන් පන්සිය දෙනාගෙන් තුන්සිය හතළිස් එක් දෙනකු පසුගිය කාලයේ අවස්ථා තුනක දී මෙරටට පැමිණ ඇති බවටත් ඉන් දසදෙනකට කොරෝනා වයිරසය ආසාදනය වී හඳුනා ගැනුණු
වීරසේකර මහතා මෙසේ පැවැසුවේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භය ගැන කෙරෙන පොලිස් පරික්ෂණවල ප්‍රගතිය දැනුම් දෙමිනි. සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.
නීතිපතිවරයා පොලිස්පතිවරයාට කළ දැනුම්දීම අනුව කොරෝනා දෙවැනි රැල්ල ගැන කොළඹ අපරාධ කොට්ඨාසය පළමුවෙන්ම විමර්ශන ආරම්භ කළා. දින දෙකකට පසුව එහි නිලධාරින් හැත්තෑවකට කොවිඩ් වැළදී තිබුණා. ඊට පසුව ඒ පරික්‍ෂණ කටයුතු නොවැම්බර් 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. දැනට ආසාදිතයන්ගෙන් කට උත්තර සියයකට වඩා අරගෙන තිබෙනවා. කොහෙන්ද ආවේ කියලා අවසාන තීරණයක් නැහැ.
පොලිසිය විමර්ශන කරන්නේ වසංගත රෝග අංශයේ නීතිවලට යටත්වයි. ඒ පොකුරු ගැන පරික්‍ෂණ කළ හැක්කේ ඔවුන් අනුමැතිය දුන්නොත් විතරයි. විමර්ශන පැවැත්වූ සී.අයි.ඩී. එකේ විසි දෙනකුටත් කොරෝනා වැළඳී තිබෙනවා. මිනුවන්ගොඩ සේවකයන් 1500 න් 400 කට පී.සී.ආර්. පොසිටිව් වුණේ නැහැ. ඒ නිසා ඒ හාර සියයට ඇන්ටිජන් පරික්ෂණය කරනවා.
එයා එංගලන්තයට ගිහින් ඇවිල්ලා පී.සී.ආර්. කරලා නිරෝධායනය වී සිටිනවා. ඉන්දියාවේ විසාකාපට්ටම්හි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලංකාවේ පන් සියයක් වැඩ කරනවා. ඒ පන්සියයෙන් තුන්සිය හතළිස් එකක් ලංකාවට අවස්ථා ගණනාවක දී ඇවිල්ලා තියෙනවා. ඒ අයට පී.සී.ආර්. කළ අවස්ථාවේ දී පොසිටිව් වුණේ 10 පමණයි. මෙරටට පැමිණි ඒ තුන්සිය හතළිස් එකෙන් කිසිවකු ලංකාවේ බ්‍රැන්ඩින්ස් ආයතනයට ගිහින් නැහැ. මේ පොලිස් පරික්‍ෂණය ඉක්මනට කරලා ඒ තොරතුරු ඉක්මනට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද ඔහු කීව්වේය.
මහික වීරරත්න-
0 Comments