බුරේවි සුළි කුණාටුව ඊයේ සවස ශ්‍රී ලංකාවට ගොඩබෑමෙන් එක් අයෙකු අතුරුදහන් වී ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක පවුල් 3575 ක පුද්ගලයින් 12343 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ නිවාස 192 කට සහ ව්‍යාපාරික දේපළ 9 කට ද හානි සිදුව ඇති බවයි.
අද දහවල් වන විට පවුල් 2911 කින් පුද්ගලයින් 10,336 ක් තාවකාලික නිවාස 79 ක රඳවා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි
පවුල් 3,554 ක පුද්ගලයන් 12,252 ක් ද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පවුල්
21 ක පුද්ගලයින් 91 ක් ද මෙලෙස බලපෑමට ලක්ව තිබේ.
“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පුද්ගලියින් 04 දෙනෙකු
තුවාල ලබා ඇති අතර චුන්නාකම් ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස 06 ක්, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 152 ක්, කිලිනොච්චිය
දිස්ත්‍රික්කයේ නිවාස 09 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස 01 ක් හා වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස 05
ක් වශයෙන් උතුරු පළාත තුළ නිවාස 173 කට අර්ධ හානි සිදුවී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ
නිවාස 15 කට පූර්ණ හානි සිදුවී තිබේ. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවාස
19 කට ද අර්ධ හානි සිදුවී ඇති අතර “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්හි
අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 192 ක් වේ.
මීට අමතරව උතුරු පලාත තුළ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 09 ක් ද හානියට පත්ව ඇත.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දැනට මන්නාරම සහ පූනරින් අතර වෙරළබඩ ප්‍රදේශයට ආසන්නව පිහිටා ඇති සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත්වෙමින් පවතින බවයි.
එය බටහිර-වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කර තිබේ.
0 Comments