නව කොරෝනා වයිරස එන්නත ලබාදීමට , පෙරහුරු වැඩසටහනක් ලෙස ඉන්දියාවේ තෝරා ගත් ප්‍රාන්ත හතරක ඊයේ (29) එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. ආන්ද්‍රා ප්‍රදේශ්, පන්ජාබ්, ගුජරාට් සහ ඇසෑම් යන ප්‍රාන්තවල මෙම පෙරහුරු එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. පෙරහුරු එන්නත්කරණ වැඩසටහනේ දෙවැනි දිනය ඊයේ (29) පැවති අතර පළමු දිනයේදී එන්නත් කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන් සහ නිලධාරීන් ලියාපදිංචි කිරීම යනාදි කටයුතු සිදු කෙරුණි. එන්නත්කරණයෙන් පසු ඇතිවිය හැකි අහිතකර බලපෑම්, ශීතාගාර පරික්ෂාව, ප්‍රවාහන පහසුකම් යනාදීය එන්නත්කරණ ක්‍රියාවලියට අදාළ පියවර හා ක්‍රියාමාර්ග පරික්ෂා ප්‍රාන්ත හතරේ තෝරාගත් දිස්ත්‍රික්කවල දී සිදු කරනු ලැබීය.
ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණා, ගුරාටාට් ප්‍රාන්තයේ රාජ්කොට් සහ ගාන්ධිනගර්, පන්ජාබ් ප්‍රාන්තයේ ලුඩියානා හා ෂහීඩ් බගත් සින්ග් නගර් සහ ඇසෑම් ප්‍රාන්තයේ සොනිට්පූර් හා නල්බරි යන දිස්ත්‍රික්කවලදී මෙම පෙරහුරු වැඩසටහන් පැවැත්විය. සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකටම විවේක කාමරයක්, එන්නත ලබාදීම සඳහා කාමරයක් සහ සහ නිරීක්ෂණ කාමරයක් අයත්ය. ඉන්දියාව එරට ජනතාවට එන්නත ලබාදීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා “කෝ -වින්" යනුවෙන් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ද සකස් කර ඇත.
එන්නත් ලබාදීම, එනත් විදීම, සඳහා යොදා ඇති කණ්ඩායම්, ශීත කළ ගබඩා පරීක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් සැපයීම ආදී එන්නත්කරණ වැඩසටහනට අයත් සියලු ක්‍රියාකාරකම් එම අන්තර්ජාල ක්‍රියාවලියෙන් නිරීක්ෂණය කෙරේ. පෙරහුරු එනත්කරණ ස්ථාන පහක දී ක්‍රියාත්මක කෙරුණු බවත් එහිදී සෞඛ්‍ය සේවකයන් 25 දෙනකු එන්නත ලබාදීම සඳහා සම්බන්ධ කරගෙන තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තර්තා කරයි. ජනවාරි මාසය මුලදී එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර මුල් අදියර යටතේ කෝටි 30කට එන්නත ලබාදීමට නියමිත බව ද පැවසේ. ඉන්දියාව ඔවුන්ගේ මහ මැතිවරණයට පසු එරට සියලු දෙනා සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන විශාලතම වැඩසටහන මෙය වන අතර ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන්වලින් එකක් වනු ඇතැයි ද පැවසේ.
0 Comments