කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද වැඩිදුරටත් සලකා බැලුණ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන්
ඇතුළු පාර්ශව 11 ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත්
කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමට හැකියාවක් නැති නිසා එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද
ප්‍රතික්ෂේප කළා.
අධිකරණ ඇමති ප්රමුඛ පාර්ශ්වද සහය දක්වමින් කොරෝනා වසංගතයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් රට තුළ විශාල සංවාදයක් පවතින මොහොතක අධිකරණය මගින් මෙවැනි තීරණයක් ගැනීම විශේෂිතය.
0 Comments