ඉන්දියාව තුළ COVID-19 වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන ඇරඹීම සදහා සූදානම් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙහිදී අදාළ නියාමන ආයතනවල විමර්ශනය යටෙත් එන්නත් තුනක් සදහා එරට තුළ ක්‍රියාත්මක වීමට අනුමැතිය ලබා දී තිබේ. මෙම එන්නත් ලබා ගැනීමට හැකි වූ අවස්ථාවේදී මෙම  එක්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසයි.

ඒ අනුව දැනටමත් මෙම එන්නත්කරණ වැඩසටහන පිළිබද තොරතුරු ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක් වෙතම ලබාදී තිබේ.
එහිදී සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකදීම එක් දිනක් තුළ පවත්වන 'එන්නත් වාරයක්” යටතේ පුද්ගලයන් 100දෙනකු වෙත එන්නත් ලබාදීම සැලසුම වී ඇත.

කෙසේ වෙතත් මෙම එන්නත් තොග ප්‍රවාහනය කිරිමේ පහසුකම් වැඩි දියුණු වන්නේ නම් මෙම එක් වාරයක් තුළ සිදු කරන එන්නත් කිරීම් සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ නැංවිය හැකි බවත් බලධාරීන් පවසයි. එලෙස පුද්ගලයන් 200දෙදෙනෙකු එන්නත් කිරීම සදහා පස්දෙනෙකුගෙන් යතු සෞඛ්‍ය කණ්ඩායමක් වෙන වෙනම යෙදවිය යුතු බවත්, එක් එන්නත් නිලධාරියෙකු සහ තවත් එන්නත් නිලධාරින් සිවුදෙනෙකු ඊට ඇතුළත් විය යුතු බවත් මෙම සටහනේ සඳහන්ව ඇත.

මෙහිදී එන්නත්කරණ වැඩසටහන සඳහා අදාළ ප්‍රාන්ත වෙත තමන් කැමති සුදුසු දිනයක් යොදාගැනීමේ අවස්ථාවද ඉන්දීය රජය මගින් ලබාදී ඇත. එය එරට මැතිවරණ පැවැත්වීමේ ආකාරය හා සමානව සිදු කළ හැකි බවත් සොඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන පරිශ්‍රය තුළ එකිනෙක වෙන්වූ කාමර තුනක් පැවතිය යුතු බවත්, ඉන් පළමුව වැන්න පොරොත්තු කාමරය, දෙවැන්න එන්නත් කාමර සහ තෙවැන්න ආවේක්ෂණ කාමරය ලෙස වෙන් විය යුතු බවත් අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

ඉන්දීය රජය සැලසුම් කර ඇති ආකාරයට මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ පළමුව එරට කෝටියක් පමණ වන සෞඛ්‍ය සේවකයන් වෙත එන්නත ලබාදෙයි. එසේම කෝටි 2ක් වන ඉදිරිපෙළ සේවකයන් පිරිසකටද එන්නත ලබාදෙයි. මීට අමතරව වයස අවුරුදු 50ට වඩා වැඩි තවත් කෝටි 26කටද එන්නත ලබා දෙයි. අනතුරුව වයස අවුරුදු 50ට වඩා අඩු විවිධ ශ්වසන ආබාධ පවතින තවත් කෝටියකටද එන්නත ලබාදෙයි.

ඒ අනුව මෙම පළමුවැනි අදියර යටතේ එරට තුළ මෙම COVID-19 වළකන එන්නත ලබාදීමට නියමිතව ඇති පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 3,000ක් එනම් කෝටි 30ක් ඉක්මවවන බව පැවසෙයි. ඉන්දියාවේ සමස්ත ජනගහනය අද වනවිට කෝටි 125ක් ඉක්මවා තිබේ.