කෝවිඩ් 19 වෙරසය ආසාධිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවිම නිසා එම ගම්මානය වසා දැමිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අද (04) කොවිඩ් කමිටු මර්ධන කමිටුවේදි මෙම තිරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසියෙ
ඊයේ දිනයේ බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හමුවිමත් සමග
මේ අතර මහනුවර නගරයේ පාසල් තවත් සතියක් වසා දමන බවද අද තීරණය කරන ලදි. ඒ අනුව ලබන 7-11 මහනුවර නගරයේ පාසල් නොපැවැත්වේ.
මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායන ප්‍රතිකාර ඒකකයේ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා එම ඒකකය විශබීජහරණය කිරිම සදහා තාවකාලිකව වසා දැමු බවද මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
එනමුත් රෝහලේ සෙසු වැඩ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් එම අංශයේ අනිකුත් කාර්ය මණ්ඩලය අද(04)දින පි.සි.ආර් පරික්ෂනයන්ට ලක් කරන බවද අධ්‍යක්ෂවරිය පැවැසිය.
0 Comments