මඩකළපුව නගරයේ සේවකයන් වැඩි පිරිසක් සේවය කරන වෙළඳසංකීර්ණයක් පෙරේදා (28) සවස මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් වසා දමනු ලැබීය. මඩකලපුව ආරයන්පති ප්‍රදේශයේ පදිංචි එක් අයකුට කොරෝනා ආසාදනය තහවුරු වීමෙන් අනතුරුව සේවය කළ ව්‍යාපාර ස්ථානය වසා දැමූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක පැවසීය. 


මඩකලපුව ආරයන්පති ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු මරුතමුනෙහි රැකියා කරන අතරතුර ඔහුට කළ පී.සී.ආර්. පරික්ෂණයේ දී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කිරීමෙන් අනතුරුව ආරයන්පති ප්‍රදේශයේ ඔහුගේ බිරියට කළ පී.සී.ආර් පරික්ෂණයේ ඇයට ද කොරෝනා ආසාදනය තහවුරු වී ඇත.

ඉන් අනතුරුව එම කාන්තාවට වෛද්‍ය ප්‍රතිකාර කරන අතර ඇය සේවය කරන මඩකලපුව නගරයේ ව්‍යාපාර ස්ථානය හුදෙකලා කරන බව මඩකලපුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

මෙම කාන්තාව එක්ව සේවය කළ හා එම ව්‍යාපාර ස්ථානයේ රූපලාවන්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි අය පිළිබඳ තොරතුරු රැස්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක පවසයි.
- ටී එල් ජව්ෆර්කාන් -