කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මස 18 වැනිදින දක්වා තවදුරටත්  වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල්  මෙම මස 11 වැනිදින දක්වා වසා දැමිමට මිට පෙර තිරණය කොට තිබුණි.

පවතින කොරෝනා වසංගත තත්වය පිළිබද සැලකිල්ලට ගෙන  සෞඛ්‍ය නිර්දේශ මත ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් මෙම මස 18 වැනිදින දක්වා  තවදුරටත් වසා දැමිමට  තින්දු කළ  බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරය ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවති සාකච්ජාවකින් පසු මෙම තින්දුව ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.