මේ වන විට ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී සිටින්නේ අභියෝගාත්මක කාලයකට යන බව රහසක් නොවෙයි.විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඇති වී තිබෙන අභියෝගවලට රටක් වශයෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයට අපි මුහුණ දෙමින් සිටින්නෙමු.
මේ වන විට රටට විදේශ විනිමය ගෙන දුන් ශ්‍රමිකයින් සිය දහස් ගණනක් රැකියා අහිමිව ගොස් ලංකාවේ ගුවන්තොටුපල යළි විවෘත වන දිනය තෙක් මෙරටට පැමිණීමට මග බලා සිටියි.එසේම මෙම කොරෝනා රැල්ලේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙරට ව්‍යාපාර කඩා වැටීමෙන් අහිමි වූ සෘජු සහ වක්‍ර රැකියා ගණන ද ඉහළ අගයක් ගනියි.
මේ හේතුව නිසා අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙන එන ආයතන මෙන්ම රට තුළ දැනට 
සක්‍රීය තත්ත්වයේ පවතින ආයතන රැකගැනීම රජයේ මෙන්ම සමස්ත  රටවැසියාගේම වගකීමකි.නමුත් සුළු පිරිසක් මෙම යථාර්ථය තේරුම් නොගනිමින් සිටී.
රජය මගින් සිදු කොට ඇති පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වී ඇත්තේ සීදුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි  ගුවන් යානා කාර්ය මණ්ඩල සේවකයන් පිරිසක් මගිනි.නමුත් බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවිකාවක් කොරෝනා රෝගය පෙළෙන බවට හෙළි වීමත් සමග  සියලුම මාධ්‍ය පාහේ එම සමාගම මෙම රැල්ලට වගකිව යුතු බවට මතයක් ගොඩනැගීමට උත්සාහ කළේය.
ඇතැම් පිරිස්  එම සමාගම සහ එහි සේවක සේවිකාවන් හතලිස් දහසකට අධික පිරිස ඉලක්ක කරගෙන කරගෙන ද්වේශ සහගත කරුණු ගොඩනගුනු පෙනිණි.
එවැනි දේ මගින් ප්‍රධාන වශයෙන් උත්සාහ කෙරුනේ එවැනි ආයතන වල සේවය කරන සේවක සේවිකාවන් දහස් ගණනකගේ රැකියා අහිමි කිරීමය.ඒ හරහා  සමස්ත රටේ ආර්ථිකයටම මරු පහරක් එල්ල කිරීම සිදුවිය.නමුත් කොරෝනාවෙන් බැටකන අහිංසක ජීවිත තවත් අසරණ කළ යුතු නැත.