මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී කොරෝනා මවක සිදුකළ දෙවන දරු උපත අද සිදු විය. 
එය නිවුන් දරු උපතක් විය. පැය දෙකක සැත්කමකින් අනතුරුව බිහිවූ දැරියන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා පැවසුවේය.