පසුගිය 22 වැනිදා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි ගුවන් යානයේ ආ ශ්‍රී  ලාංකිකයන්
දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන අතර


ඔවුන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ මේ වන විට එක්සත් රාජධානියේ සිට රටවල් කිහිපයකට පැතිර ගොස් තිබෙන භයානක වේගවත් කොරෝනා වෛරස ප්‍රභේදයදැයි පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බව හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් මේ නව පරීක්ෂාව සඳහා ලංකාවේ පහසුකම් සම්බන්ධ ගැටලුවක් පවතින නිසා යම් කාලයක් ගත වනු ඇතැයි සෞඛ්‍ය සේ්වා
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළේ, එම ආසාදිතයන් දෙදෙනාගෙන් ලබාගත් සාම්පල 5ක්
මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා ලැබී ඇති බවකි.

මේ වනවිට ලංකාවට ආසන්න රටවල් වන ඉන්දියාවෙන් 6 ක් හා පකිස්තානයෙන් 3 ක් මෙබඳු රෝගීන් හමුවූ බවට තහවුරු කර ඇත.