නුවරඑළිය ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා ආසාදිත වී ඇති අතර ඔහු ඉකුත් දිනවල ප්‍රභූවරුන් හා මැති ඇමැතිවරුන් රැසක් සහභාගි වූ රැස්වීම් ගණනාවකට ද නිරෝධායන නීති කඩකරමින් ගොස් ඇති බවට කරුණු හෙළි වී ඇතැයි තලවාකැලේ ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නත් අබේගුණවර්ධන මහතා පැවසීය. සභාපතිවරයා පී.සී.ආර්. පරික්ෂණයට යොමුකර එහි වාර්තා ලැබීමට පෙර ප්‍රදේශයේ ඉකුත් 16 සහ 19 වැනි දිනවල පැවැති දේශපාලන රැස්වීම් කීපයකට ගොස් ඇති බවද ඔහුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන බවද හෙතෙම කීය.
මහනුවර පොල්ගොල්ලේදී ඉකුත් දා පැවැති “ගම සමග පිළිසඳරක්” වැඩසටහනට ද ආගරපතන සභාපතිවරයා සහභාගි වී ඇති අතර ඊට මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූන් පිරිසක් ද සහභාගි වී ඇතැයි ද හෙතෙම පැවසීය. මීට අමතරව නුවරඑළිය ප්‍රදේශයේ පැවැති රැස්වීම් කීපයකටම සභාපතිවරයා සහභාගි වී ඇති අතර එම රැස්වීම් වලට නුවරඑළිය, තලවකැලේ - ළිඳුල, කොටගල, ආගරපතන, නෝර්වුඩ්, මස්කෙළිය, අඹගමුව යන ප්‍රාදේශීය සභා හා නගරසභාවල සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කීය.
ආගරපතන සභාපතිවරයා පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කර ඇත්තේ ඔහු පදිංවි ඇල්බියන් කොන්ෆීල්ඩ් වතුයායේදී ඉකුත් 16 වැනි දින වන අතර ඔහු ආසාදිතයකු බවට තහවුරු කෙරෙන වාර්තාව ලැබී ඇත්තේ ඉකුත් 20 වැනි දිනයේදී බවද ඔහු පැවසීය. පී.සී.ආර්. පරික්ෂණය කළ පසුව ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නිවන්සේ නිරෝධායනය වන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබියදී එම නීති කඩා සභාපතිවරයා දේශපාලන රැස්වීම්වලට සහභාගි වී ඇතැයි ද ඔහු කීවේය. සභාපතිවරයාගේ ළඟම ආශ්‍රිතයන් මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
0 Comments