
1996 පැවති ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීමේදී ප්‍රමුඛ කාර්යභාර්යයක් (ප්‍රධාන පුහුණුකරු) සිදුකළ ඔස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඒ පසුගිය පෙබරවාරි මාසයේදී එම ධුරයෙන් ඉවත්වූ උමේෂ් පට්වාල් වෙනුවටය.
2021 ලෝක කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නේපාලයට නොහැකිවූ පසුබිමක 2022 පන්දුවාර විස්සයි20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීම වට්මෝර්ට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේය.
- පැතුම් ශ්‍රී විජේරත්න -
Comments
Post a Comment
Your comment will be visible after approval