තමාගේ කොවිඩ් මර්දන පැණිය බෙදීම අත් හිටුවීමට තීරණය කළ බව කෑගල්ලේ ධම්මික වෙද මහතා අද පස්වරුවේ එහි රැස්ව සිටි පිරිසට පවසා එය නතර කර දමන ලද බව වාර්තා විය.
මාධ්‍ය ඉදිරියේ හා දේශපාලකයින් ඉදිරියේ මෙම ඖෂධය ගැන විවිධ කරුණු ගෙනහැර පෑවත් එය පිළිගන්නා ලෙස ඔහු යොමු කළ අයදුම තවමත් පරික්ෂාවට ලක් කෙරෙන්නක් වන අතර තවම අදාළ අනුමැතිය ලැබී නැත.
ඔහු තම ඖෂධය බෝතල් කර ජනතාව අතර නොමිලේ බෙදාහැරියේ ඒ පසුබිමේය.
වෛද්‍ය විශේෂඳ වාර්තා ලැබෙනු පසු එම වාර්තා මගින් මෙය කොරෝනා මර්දනය සඳහා පිළිගැනීමට ලක්වුවොත්
ඖෂධය බෙදීමට ඔහුට අවසරය හිමිවනු ඇත.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා විධිමත් අවසරයක් ලබා දෙන තුරු තාවකාලිකව එම ඖෂධය බෙදාහැරීමේ කටයුත්ත අත්හිටවූ බවයි.
මේ සඳහා ධම්මික බණ්ඩාර මහතාද එකඟතාවය පළ කල බව ඔහු පැවසීය.
කොරෝනා වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව කියූ ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට පසුගිය දින කිහිපයක සිට පැමිණ අද උදේ ඖෂධය ලබාදෙන අවස්ථාවට එක්ව තිබුණි.
අද (08) අලුයම් කාලයේදී 5000ක පමණ ජනකායක් පැමිණ සිටි අතර තදබදය පාලනය කිරීම සඳහා කෑගල්ල පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා තිබුණි.
0 Comments