‍තමන් විසින් කොරෝනා වසංගතයට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි පැණියක් සොයා ගත්තේ යැයි පවසන් කෑගල්ලේ ධම්මික මානසික රෝගයකින් පෙලෙන්නෙකු බවට නිරීක්ෂණය වන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් මහතා සඳහන් කර තිබේ. 
සායනික පරීක්ෂණයක් කර එය හඳුනාගැනීම වැදගත් විය හැකි බවද දන්වා තිබේ.
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඉදිරියේ ඔහු හැසිරුණු ආකාරය සහ ඔහු පත්වාගෙන යන දේවාලයකදී කාන්තාවන්ට ප්‍රතිකාර ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට නිරීක්ෂණය කිරීමේදී මෙම ලක්ෂණ හඳුනාගන්නට ලැබෙන බව ඔහු පවසයි.
විශාදය හා මායාකාරී පෞරුෂය යන මානසික රෝග ලක්ෂණ දැක්වෙන මෙවැනි තත්වයන් දැඩි ආතතිය හා මානසික ගැටලු නිසා ඇතිවිය හැකි බවද ඔහු කරුණු දක්වයි.
කෙසේ වෙතත් මෙම තත්වය ඔහු රඟපාන එකක් වීමටද ඇතැම්විට ඉඩ තිබෙන බව පෙන්වන වෛද්‍යවරයා
වාණිජ අරමුණු වෙනුවෙන් සමාජයේ මුල්බැස ගත් දේව විශ්වාසවලින් තමන්ට වරම් ලැබී ඇති බව පවසමින් රඟ පෑමේ යෙදෙන පුද්ගලයින් ලංකාවේ සිටින බවද දන්වා තිබේ.