මේ දිනවල කොරෝනා පැණිය නිසා ප්රකටව සිටන කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) මහතා හමුවීමට ඊයේ බෙංගමුවේ නාලක හිමි සමග ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිරිසක් ගොස් තිබුනේ ඔහුට සහතිකයක් නිකුත් කිරීමටය.
මෙම නිලධාරීන් ඔහු හමුවූ අවස්ථාව මාධ්‍ය මගින්ද ආවරණය කළ අතර එහිදී රජයේ නිල සලකුණ සහිත ලීගල් ප්‍රමාණයේ කොළයක විශාල විස්තරයක් සහිත සහතිකයක් ඔහුට පිරිනමන්නට තැත් කරනු මාධ්‍ය මගින් පෙන්වන ලදි. එම සහතිකයේ අන්තර්ගතය ගැන
එම සහතිකයේ ඇත්තේ ඖෂධ නිෂ්පාදන බලපත්‍රයක් මිස කොරෝනාව සුව කරන බවට පිළිගැනීමේ සටහනක් නොවීම මෙම ප්රතික්සේපයට හේතුවයි.
මේ අතර කෑගල්ලේ ධම්මිකට ඖෂධ නිෂ්පාදන බලපත්‍රයක් තමන්ගේ අනුදැනුම මත ආර්යුවේද දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසා සිටියේ මාධ්‍යවේදින් හමු වූ අවස්ථාවකදීය.
ඔහු එයට උත්තර දුන්නේද අකමැත්තෙන් වන අතර “පැණිය” ගැන හැර වෙන ඕනෑම දෙයක් ගැන අහන්නැයි කියන ආකාරයක්ද සටහන් විය.
මේ වනවිට රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි ධම්මික බණ්ඩාර ප්‍රවර්ධනයෙන් ඉවත්වී ඇති සෙයක් ඒ අනුව දිස් විය.
කෙසේ වෙතත් අයුර්වේද අමාත්‍යංශය ඖෂධ නිෂ්පාදන බලපත්‍රයක් කෑගල්ලේ ධම්මිකට නිකුත් කර ඇති බව ආයුර්වේද කොමසාරිස්වරයා තහවුරු කර තිබේ. එම සහතිකයේ කොරෝනා ගැන සඳහන් නැති අතර සාමාන්‍යයෙන් විවිධ රෝග සඳහා ලබාදෙන ආයුර්වේද ඖෂධයක් ආකාරයේ පිළිගැනීමක් ලබාදී ඇත. ධම්මික බණ්ඩාරගේ ඖෂධයට සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි නොවූ බව ආයුර්වේද කොමසාරිස්වරයා මින් දිනකට පෙර දන්වා සිටියේය. යක්ෂ ප්‍රේතයින්ගෙන් චිකිත්සාවක් ලබාදීම ආයුර්වේදයේ අනුමත නෙකරන බව ඔහු පෙන්වා දී ඇත.
0 Comments