මේ වනවිට කොරෝනා රෝග මර්දනය වෙනුවෙන් අති විශාල වියදම් දරමින් ලෝකයේ සංවර්ධිත රටවල් විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන හා එන්නත් වැනි විසඳුම් නිපදවන අතරවාරයේ ලංකාවේ සිදුවන්නේ හෙළ වෙදුන් යයි පවසන අය ඉතාම නොපැහැදිලි විසඳුම් පෙන්වමින් ජනතාවට ඖෂධ ලබාදීමය.
මෙහි ගැටලුසහගත කාරණාව වන්නේ කොරෝනා මර්දනය ගැන නිසි තහවුරු කිරීමක් කළත් නොකළත්
එවැනි නිශ්චිතභාවයක් අවශ්‍ය බවක් වත් නොහගවා රජයට පක්ෂපාතී මාධ්‍ය මගින් ඒවා පුදුමසහගත ලෙස ප්‍රවර්ධනය කිරීමය.
මේ පිළිබඳ වගකියන විශේෂඥ වෛද්‍ය රාජ්‍ය ඇමතිනිය 'එහෙමත් සුදුසුකම් නැති අයට බෙහෙත් හදන්න පුළුවන්ද?' විමසද්දී ඒ පිළිබඳ වගකියන ඇමතිනිය හා ආයුර්වේද රාජ්‍ය ඇමතිවරයා ඒවා ප්‍රවර්ධනය වෙනුවෙන් කැමරා ඉදිරියේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනුද පෙනෙයි.
රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ යනුවෙන් හඳුන්වන පුද්ගලයෙකු නිෂ්පාදනය කරන ලදැයි පවසන කොරෝනා මර්දන ඖෂධයක් අද දින රජයට පක්ෂපාත ස්වාධීන රූපවාහිනියේ ඉහල පාලනාධිකාරිය හා කාර්ය මණ්ඩලය වෙත බෙදා දීමත් විශාල පිරිසක් ඒ ගැන වර්ණනා කරමින් අදහස් දැක්වීමත් පෙන්නුම් කරන ලදි.
පුරාණ රන්පත් වල සදහන් වට්ටෝරුවකින් මෙම හෙල ඔසුව නිර්මාණය කළ බවද කොරෝනා ආසාදිතයෙකුට මෙන්ම තම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ඕනෑම අයෙකුට මෙම ඔසුව පානය කළ හැකි බවද තමන් ඕනෑම කොරෝනා ආසාදිතයෙකු අසලටම ගොස් මෙම ඖෂධය ලබා දීමට සූදානම් බවද රිටිගල රාවණා පරපුරේ තැනැත්තා මෙයට පැමිණ කියා සිටියේය.
මොහුගේ බෙහෙත් වට්ටෝරුවට ගංජා මුසු කර තිබූ බවද එවැනි අය වැළකීමට තමා දුරකථනය ඕෆ් කරගෙන සිටි බවද පසුගිය සතියේ ආයුර්වේද රාජ්‍ය ඇමතිවරයා කීය.විශේෂත්වය වන්නේ ඔහුව ප්‍රවර්ධනය කරන්නේ තවම ස්වාධීන රූපවාහිනිය පමණක් වීමය.
0 Comments