කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය ආසාදිතයන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණවක් ගෙන නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සදහන් කරයි.

ඒ සදහා එය සුදුසුදැයි තව දුරටත් සායනික පර්යේෂණ සිදු කරමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනතාවට එය භාවිත කිරීම සදහා මෙතෙක් අනුමැතිය දී නැති බවද පැවසූ ඒ මහතා පර්යේෂණයේ ප‍්‍රථිපල ලැබෙන තෙක් නිශ්චිත අදහසක් පල කල නොහැකි බවද කියා සිටියේය.

සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.