ආන්දෝලනයට තුඩුදුන් ධම්මික පැණිය සම්බන්ධයෙන් ප්‍රවර්ධනය කරන පුවත් දිගින් දිගටම දෙරණ නාලිකාව හරහා ප්‍රචාරය වන අතර පැණිය බිව් 5 කට මේ වනවිට කොරෝනා ආසාදනය වුවත් එම පුවත මෙම නාලිකාව හරහා ප්‍රචාරය කර නැත. ඒ වෙනුවට පැණිය බිව් එක් ආසාදිත  
තරුණියක ගැන පමණක් පුවත්පතක් උපුටමින්   ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ කරුණු අනාවරණය කර ඇති එම නාලිකාව අදාළ කාන්තාවට කොරෝනා ආසාදනය වූයේ පැණිය එකවරක් පමණක් බිව් නිසා බව ඇගේ පියාගේ ප්‍රකාශයක්ද දක්වමින් වාර්තා කර ඇත.

ඇය පැණිය දිගටම බිව්වා නම් ආසාදනය සිදු නොවන ආකාරයක් ඇඟවුම් කර ඇත.
අදාළ පුවත් වාර්තාව පහතින්