කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ඊයේ දිනයේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කරන ලදී. එම අවස්ථාවට දියවඩන නිලමේ නිලංග දෑල මහතාද සහභාගී වූයේය.


ඉන් අනතුරුව අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් වෙතද එම ඖෂධය පූජා කිරීමට කටයුතු කරන ලදී.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කළේ මෙම ඖෂධයෙන් රටේ ජනතාවට සේවයක් වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවයි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ටද ඖෂධය පිලිගන්වන ලදී.

පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ තමන් මෙම ඖෂධය දළදා වහන්සේට පූජා කිරීමට කටයුතු කළේ ඉන් රෝගීන් සුව වන බව ප්‍රත්‍යක්ෂ වූ නිසා බව ද බවයි.

ආසාදනයෙන් මිය යන සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම ඖෂධය ලබා දීම සදහා ඉක්මනින්ම නිර්දේශ ලැබේ යයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.