මත්ද්‍රව්‍ය තොග වශයෙන් විකුණා ලැබෙන කෝටි ගණනක මුදලින් කොටසක් පකිස්තාන් ජාතික ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක අන්තවාදී සංවිධානයකට සපයන බවට තොරතුරු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් විසින් අනාවරණය කර ගනු ලැබීය.
මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (14) පැවැසීය. නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මෙම අන්තවාදී මුස්ලිම් සංවිධානයට මත් ද්‍රව්‍ය විකුණා ලැබෙන මුදලින් ඒ සංවිධානයේ අරමුදලට පකිස්තානයේ සිට උන්ඩියල් ක්‍රමයට එවන බවට පොලිසිය සැක කරයි.
මාරවිල තොඩුවාවේදී ඉකුත් 6 වැනිදා අත්අඩංගුවට ගත් කෝටි 300 ක් පමණ වටිනා හෙරොයින් හා අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 200 ක පමණ තොගය පාකිස්තානයේ සිට එවා ඇත්තේද මෙම පකිස්තාන් ජාතික ජාවාරම්කාර පුද්ගලයා බවට තොරතුරු හෙළිවී තිබෙන බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. නැගෙනහිර පළාත්තේ ක්‍රියාත්මක මෙම අන්තවාදී මුස්ලිම් සංවිධානයට අරමුදල් එවන බවට පැවසෙන මෙම පකිස්තාන් ජාතික මත් ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සම්බන්ධවී හෙරොයින් කිලෝ 100 ක් සහ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 100 ක පමණ තොගයක් මෙරටට (තොඩුවාවට) ගෙන ඒමට සෘජුවම සම්බන්ධ වූ බව කියන දේවගැතිවරයකු බවට පැවසෙන පුද්ගලයෙක් මන්නාරම ප්‍රදේශයේදී කැලණිය කොට්ටාස අපරාධ පරික්ෂණේ අංශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්දියාවට පලායාමේ අරමුණින් මොහු මන්නාරමට පැමිණ සිට ඇති බව කියති. දේවගැතිවරයකු බවට පැවසෙන මෙම පුද්ගලයා හලාවත පොලිස් වසමට අයත් සිංහෂ්මාන ප්‍රදේශයේ පදිංචි අයෙකි. නීති විරෝධී ලෙස පුද්ගලයන් ඕස්ට්‍රේලියාවට සහ ඉතාලියට යැවීම සම්බන්ධයෙන් නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි.මෙම දේවගැතිවරයා රිමාන්ඩ් බාරයේ පසුවන වකවානුවේ හෙරොයින් මන්ද්‍රව්‍ය කිලෝ 01 ක පමණ සමග සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වූ මාලදිවයින් ජාතිකයෙක්ද හඳුනා ගැනීමට ලැබී තිබෙන බව පොලිසිය කීය. මේ අතර මත් ද්‍රව්‍ය කිලෝ 20 ක පමණ තොගය තොඩුවාවට ප්‍රදේශයට ගෙන ඒමට හවුල් වූ බව කියන හලාවත ප්‍රදේශයේ ධීවර කාර්මිකයෙක්ද කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් බලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
ඒ වෙනුවෙන් මෙම සැකකරුට ලැබුණු බව කියන ලක්ෂ 23 ක පමණ මුදලක් හලාවත නගරයේ රෙදි සාප්පුවක සේවය කරන ඔහුගේ බිරිඳට බාරදී ඇති බව පොලිසිය කීය. අත්අඩංගුවට ගැණුන දේවගැතිවරයකු බව කියන පුද්ගලයාට සහ අඹුසැමි යුවලට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඊයේ දින 90 ක කාලයක රැඳවුම් නියෝග ලබාගත් බවද පොලිසිය කීය.
-ශ්‍රීනාත් ප්‍රසන්ත ජයසුරිය -
0 Comments