කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද සවස ගින්නක් ඇතිවූ අතර මේ වනවිට එම තත්වය පාලනය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පහළ තට්ටුව‍ෙ මෙම ගින්න හටගත්තේ කවර හේතුවක් නිසාදැයි තවම වාර්තාකර නැත.

ගිනි නිවන රථ 9 ක් පමණ යොදවා කොළඹ ගිනි නිවන ඒකකයේ මූලිකත්වයෙන් ගින්න මැඩපැවැත්වීමට හැකිවිය.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටි අයුරුද වාර්තා විය.
 හටගත් ගින්නෙන් කිසිඳු ලිපි ලේඛනයකට හානි සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කර තිබුණි.