ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුලුනට අයත් බව පැවසෙන පඩි 14කින් යුත් රවුම් පඩිපෙළක කොටසක් පසුගියදා යූරෝ 274,475ක් එනම් ඩොලර් 328,427ක මුදලකට වෙන්දේසි වී ඇතැයි වාර්තා වෙයි.
ඊට වසර සියයකට පමණ පසුව එනම් 1983 වසරේදී මෙම මහල් සදහා සෝපානයක් සවි කිරීමත් සමග මෙම පඩිපෙළ කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව මෙම පඩිපෙළ කොටස සතුව ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පවතින බවත් වෙන්දේසිය සිදු කළ සමාගම සඳහන් කර තිබුණි. මෙහිදී ඉවත් කෙරුණු පඩිපෙළ පසුව කොටස් 24කට වෙන්කර ඇත. ඉන් කොටස් විස්සක් මේ වනවිට පොද්ගලික එකතු කරන්නන් විසින් අලෙවි කර ඇති අතර, ඉතිරි කොටස් තුන මේ වනවිට ප්‍රංශ කෞතුකාගාර සතුව පවතී. අද දවසේදි මෙම පඩිපෙළ කොටස් කිහිපයක් තියෝක් නුවර ලිබර්ටි ප්‍රතිමාව ආසන්නයේ සහ ජපානයේ යෝෂි පදනමේද තත්පත් කර තිබේ.
0 Comments