කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය බවට තීරණය කළ මුස්ලිම් පුද්ගලයෙකුගේ මළ සිරුර ආදාහනය නොකොට රෝහලේ අධි ශීතකරණයක තැන්පත් කරන ලෙසට ඥාතීන් විසින් කරල ලද ඉල්ලීමක් සලකා බැලූ ගාල්ල මහේස්ත්‍රාත්වරිය පවිත්‍රා සංජීවනී පතිරණ ඒ ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව සුදුසු පියවර ගන්නා ලෙසට නියෝග කළා ය.
ගාල්ල, දෙද්දුගොඩ පදිංචිව සිටි 84 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීම නිසා කරන්දෙණිය රෝහළට ඇතුළත්ව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ දින 2කට පසු මිය ගියේ ය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට සිරුර කරාපිටිය රෝහලට ගෙන ගිය අතර PCR පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සිරුර හුදෙකලා කොට ආදාහනය කරන ලෙසට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නියෝග කළ බව පොලීසිය අද අධිකරණය හමුවේ පැවසුවේ ය.
මේ තීන්දුව ප්‍රකාශ කිරීමේදී මිය ගිය අයගේ පුද්ගලයෙකු ඊට විරුද්ධ වී සිරුර භාර ගෙන නොමැත.
තවත් පුත්‍රයෙකු පැමිණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නියෝගයට අනුව සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණයේ තැම්පත් කරන ලෙස ඉල්ලා සිටි බව පොලීසිය පැවසුවේ ය.
මෙය අවදානම් තත්ත්වයක් විය හැකි බැවින් හා එම රෝහලේ පහසුකම් නැති බැවින් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිට නීතීඥවරුන් පැවසුවේ, රෝහලේ සිට නිවසට පැමිණීමෙන් පසු මිය ගිය පුද්ගලයාගේ PCR පරීක්ෂණ කිරීමට පෙර මෙය කොවිඩ් මරණයක් බවට තීරණය කර ඇති බවයි.
මෙය අර්බුධකාරී තත්ත්වයක් බව පෙන්වා දුන් එම නීතීඥවරුන් මුස්ලිම් මරණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට පත් කර ඇති කමිටුවේ තීරණයක් ලැබෙනතුරු සිරුර කරාපිටිය රෝහලේ ශීතකරණයේ තැම්පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
දෙපාර්ශවයේ කරුණු සලකා බලා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන සුදුසු පියවර ගන්නා ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළා ය.
0 Comments