මෙරටට මුලින්ම පැමිණෙන විදෙස් සංචාරකයන් දකුණු පළාතේ මුහුද ආශ්රිත හෝටල් කිහිපයකට පමණක් සීමා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. විදෙස් සංචාරකයන් රටේ විවිධ සංචාරක ස්ථානවලට රැගෙන යෑමේදී මෙරට වැසියන් නොගැටෙන ආකාරයට පොකුරක් වශයෙන් රැගෙන යෑමට ද තීරණය කර තිබෙන බව යුද හමුදාපතිවරයා කීවේය.
මෙසේ රැගෙන එනු ලබන සංචාරක කණ්ඩායම් පළමු දින හත එකම හෝටලයක ලැගුම් ගැනීමට සලස්වා පරීක්ෂණවලට යොමු කෙරන බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා එම පරීක්ෂණ වාර්තා ලැබුණු පසුව අනෙකුත් සුදුසු ක්‍රියාමාර්ගවලට යොමුවන බව ද ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ හුදෙක්ම අත්හදා බැලීමක් හැටියට යැයි ද ඔහු කීය. කටුනායක ගුවන්තොටුපොළ විදෙස් සංචාරකයන් සඳහා ලබන 26 වැනිදා විවෘත කිරිමට නියමිතය.
-සුජීත් හේවාජුලිගේ-
0 Comments