කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයක්
ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
මෙම නව ඒකකය රෝහල් පරිශ්‍රයෙහි පිහිටි සණස ගොඩනැගිල්ලෙහි බිම් මහලේ ස්ථාපිත කෙරෙන අතර මේ
සදහා ලෝක බැංකු ආධාරයක් වශයෙන් රුපියල් ලක්ෂ 220 ක පමණ මුදලක් වැය කෙරෙන බව රෝහල්
අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
මෙම දැඩි සත්කාර ඒකකය ඉදිකිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ප්‍රජා
සත්කාරයක් ලෙසින් එහි සාමාජිකයින් 45 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරෙන බවත් සති දෙකක
කාලයක් තුල මෙහි කටයුතු අවසන් කරමින් ලබන ජනවාරි මස පළවෙනි දින විවෘත කිරීමට සැලසුම් කොට ඇති
බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක
0 Comments