කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියකු සහභාගි වූ ගම්පහ වතුරුගම අවමගුල් උත්සවයකට පැමිණි භික්ෂූන් වහන්සේලා තුන්නමක් ඇතුළු පුද්ගලයින් 200 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව දේශපාලන
මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. බණ්ඩාරනායක මහතා පැවසීය.  කොළඹ කෙසෙල්වත්ත පොලිසියේ සේවය කරමින් සිටියදී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වී සිටි එම පොලිස් නිලධාරියා එහි වාර්තාව පිටවීමට පෙර සිය නැන්දනියගේ අවමඟුලට සහභාගි වී ඇති බවද ඔහු කීය.


මුඛ ආවරණයක් හෝ  නොපැළඳ ඔහු ගම්වාසීන්  සහ ඥාතීන් සමඟ අවමඟුල් උත්සවයේ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවද බණ්ඩාරනායක මහතා පැවසීය.  පී.සී.ආර් පරික්ෂණ වාර්තාවට අනුව ඔහුට  කොවිඩ් ආසාදිත වී ඇති බව තහවුරු වී ඇතැයිද කීය.  සෞඛ්‍ය පරික්ෂකවරයා වහාම ක්‍රියාත්මක වී ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ බවද කීය. අවමඟුල් උත්සවයට  සහභාගි වූ ඵුල් 40කට අයත් පුද්ගලයින් 200ක් පමණ ස්වයං නිරෝධානයට ලක්කළ බවද හෙතෙම පැවසීය.