ගම්පොළ ප්‍රදේශයෙන් වයිරසයට ගොදුරු වූ 25 දෙනකු 19 දා සොයාගැනීම හේතුවෙන් පුද්ගලයින් 300 දෙනකු නිරෝධායනයට ලක් කර ගම්පොළ නගරයේ කුකුළු මස් වෙළඳසල් අටක් ඇතුළු වෙළඳසල් 12ක් වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ගම්පොළ නගරයෙන් හත් දෙනෙකුත්, උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බලප්‍රදේශයෙන් 15 දෙනෙකුත්, ගම්පොළ දොළුව බලප්‍රදේශයෙන් තිදෙනකුත් මෙසේ හමුවී ඇත. මෙයින් 24 දෙනකුම ගම්පොළ නගරයේ කුකුළු මස් වෙළඳසල් හිමිකරුවන් හා සේවකයන් බව සෞඛ්‍ය අංශ කියයි. ඒ සමගම ගම්පොළ නගරයේ කුකුළු මස් වෙළෙඳසල් අටක් වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙයින් එක් ව්‍යාපාරිකයකු මෙරට ප්‍රධාන පෙළේ කුකුළු මස් හා නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින්නකු බව පැවසේ. ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් මුලින්ම ආසාදනයට ලක්වූ අතර පසුව ඇගේ පියා ඇතුළු පවුලේ කිහිප දෙනකුම කොවිඩ්-19 ආසාදිතයන් බව හෙළි විය. මෙම වෛද්‍යවරියගේ පියා මෙම ප්‍රධාන කුකුළු ව්‍යාපාරයේ කළමනාකරුවකුද වන අතර මුලින් කළ පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම පියා ඇතුළු තිදෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව දෙවැනියට කළ පී.සී.ආර්. පරික්ෂණවලින් මෙම 24 දෙනා මෙසේ හඳුනාගෙන ඇත. මෙම කුකුල් මස් ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනකු හා පුතාද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.
මෙම පිරිස කොවිච් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමට පෙර සිකුරාදා (18) දින විදේශගත වීමට ගිය තරුණයකු ආසාදිත බව හෙළිවීමත් සමග ඉල්ලවතුර ප්‍රදේශයෙන් රෝගීන් 6 දෙනකු ආසාදිතයන් නිසා එම ප්‍රදේශයේ 50 දෙනකු සමග නිරෝධායනයට ලක්කර පල්ලියද වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙම කුකුළු මස් ව්‍යාපාරිකයා ඇතුළු තවත් ව්‍යාපාරිකයකු කුකුළු මස් ව්‍යාපාරිකයන්ගේ කොළඹ පැවැති රැස්වීමකට සහභාගි වී ඇති බවට ලත් තොරතුරු මත සෞඛ්‍ය අංශ ඒ ගැනද පරික්ෂණයක් ආරම්භ කර ඇත.
-සුරංග රාජනායක-
0 Comments