කැබිතිගොල්ලෑව, කැලෑපුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පෙරේදා (28දා) සවස 6.30ට පමණ මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක කළ මෙහෙයුමක් අතරතුර විකිණීමට සූදානම් කොට තිබූ නිල් මැණිකක් හා දියමන්ති කැබලි 75ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි වූ බව මැදවච්චිය පොලිසිය පැවැසීය.
 
යකාවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 සහ 45 වයසැති පිරිමි පුද්ගලයන් දෙදෙනකු නිධානයකින්
ගත් බව කියමින් මෙම භාණ්ඩ රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකට  අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට ලැබුණු තොරතුරට අනුව කැලෑපුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය
බළකායේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස යොදවා සූක්ෂ්ම මෙහෙයුමකින් අනතුරුව යතුරුපැදි දෙකකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා සමඟ නීල මාණික්‍ය යන සහ දියමන්ති තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර යකාවැව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන
කට්ට¾ඩියෙක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සඳහන් කළේය.

මේ අතර මිල කළ නොහැකි නිධානයකින් ලබාගත් බව කියන නිල් මැණිකක් හා දියමන්ති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දමිළ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන වසරේ ජනවාරි මස 05දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුරය ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (29දා) සවස නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පම්පමඩු, වවුනියාව පදිංචි සන්දන රාජ් ධර්ම රාජා හා
වීරපුරම් නෙරියකුලම පදිංචි නටේෂන්කේෂල් රාජ් යන දෙදෙනායි.

අනුරාධපුරය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අශෝක ධර්මරත්න මහතා (7959) අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූයේය.

මැදවච්චිය _ ගයාන්,අනුරාධපුර _ මහේෂ් විජේසූරිය