අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි නිසා දරුවන් සිටින්නේ විශාල මානසික පීඩනයකින්. තවදුරටත්
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නතර කිරීම සුදුසු නැති නිසා ලබන ජනවාරි මස 11 වැනිදා පාසල් විවෘත
කිරීමට තීරණය කළේ යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 29දා පැවැති
මාධ්‍ය හමුවේදී පැවැසීය.
පාසල් විවෘත කිරීම පිළිබඳව තීරණය කරනු ලැබුවේ කිසිදු පටු දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොවන බවද ඔහු කීය.
2021 වසරේ ජනවාරි 11 දින පාසල් විවෘත කිරීම පිළිබඳව තීරණය ගනු ලැබුවේ පටු දේශපාලන
දෘෂ්ටිකෝණයකින් නෙවෙයි. පාසල් ආරම්භ කිරීමට හේතුව නම් දූ දරුවන්ගේ අනාගතය සහ සුබසිද්ධිය
සඳහායි. අපේ රටේ මවුපියන් විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙනවා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
සම්බන්ධව.
මධ්‍යම පළාතේ ඇතැම් පොලිස් වසම් කිහිපයක් හුදෙකලා කරනු ලැබුවා. එම නිසා එම පොලිස් වසම්වල
පිහිටා තිබෙන පාසල් ආරම්භ කිරීමට හැකියාවක් නෑ. නමුත් මවුපියන්ගෙන් ඉල්ලීමක් තිබුණා දරුවන්ට පාසලට
ගොස් ඉගෙනීම් කටයුතු සිදු කිරීමට නොහැකි නම් නිවෙස ළඟම තිබෙන පාසලට ගොස් තාවකාලිකව
අධ්‍යාපනය සිදුකර ගැනීමට කටයුතු සලසා දෙන්න කියලා. එම ඉල්ලීම සලකා බලා මධ්‍යම පළාත්
ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මැණික්දිවල මධ්‍ය මහා විද්‍යාලයේ දැනට දරුවන්ට එම පහසුකම් සලසා දුන්නා.
ඒ මහතා ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවලත් හැකිතාක්
ප්‍රමාණයට එවන් විසඳුමක් ලබාදීමට උත්සාහ දරනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේ වන විට සියලුම පාසල් සඳහා රුපියල් ලක්ෂ එක්දහස් පනහක්
ලබාදීලා තිබෙනවා. පාසල්වලට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබාගැනීම සඳහා එම මුදල් ලබාදී තිබෙනවා.
ඊට අමතරව ජනවාරි 11ට පෙර අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. පාසල් භුමිය පිරිසුදු
කිරීම හා විසබීජහරණය කිරීම, පන්ති කාමර පිරිසුදු කිරීම, අවශ්‍ය නම් ගිලන් කාමරයක් සූදානම් කිරීම,
පන්ති කාමරවල ෙදාරවල් ජනෙල් විවෘතව තැබීම, සිසුන් එකට රැස්ව ආහාර ගැනීම වැළැක්වීමට
වැඩපිළිවෙළක් සකස් කිරීම යන සියලුම කරුණු සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
සෑම පාසලකටම සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙක්ව පත් කරනවා. එම නිලධාරියාව පත් කරන්නේ පාසල
තුළ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමටයි.
විශේෂයෙන් දූ දරුවන් පාසල්වලට පැමිණෙන ප්‍රවාහන පහසුකම් පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ සඳහා
ප්‍රවාහන පහසුකම් රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ
ඉදිරි දවස් කිහිපයේදී සාකච්ඡා කිරීමක් සිදු කරනවා.
1 සිට 5 දක්වා ශේ්රණිවල සිසු දරුවන්ගේ පන්ති පැවැත්වීමේදී ආරම්භයක් වශයෙන් පන්තියෙන් සිසුන්
කොටසක් සඳුදා, බදාදා හා සිකුරාදා දිනවල පාසලට ගෙන්වා අනෙක් කොටස අඟහරුවාදා සහ
බ්‍රහස්පතින්දා පාසලට ගෙන්වීමට කටයුතු කරන්න තීරණය කළා.
නිර්මාණි ගුණරත්න
0 Comments