හැටන් අධ්‍යාපන කලාපයට අයත්, නෝ(ර්)වුඩ් ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ සිසුවෙකුට සහ සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.



පසුගිය නොවැම්බර් 28 හා 30 යන දෙදින පාසලේ ඉගැන්වීම්වල නිරත වූ ගුරුවරියකට හා ඇගේ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනය වී තිබුණා.

පසුව එම ගුරුවරියගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ගුරුවරුන් සහ සිසුසිසුවියන්ගේ PCR පරීක්ෂණ සිදුකර කරනු ලැබුවා.

එහි ප්‍රතිඵල මෙම සිසුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනුණා.