මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට (19) සෙනසුරාදා සුබ මොහොතින් ආරම්භ කෙරේ.  අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුල්ගල් තැබීමෙන් පසුව එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.  
 




මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර කිහිපයක ඉදිකිරීම්  මෙයට පෙර ආරම්භ කර තිබුණ ද පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම විවිධ හේතු මත දිගින් දිගටම කල් ගොස් තිබිණ.  පවතින ගැටලු නිරාකරණය කරගෙන එම කොටසේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි අගමැතිවරයා අදාළ නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇත.


-සුජිත් හේවාපුලිගේ-