කොරෝනා වයිරස තත්වය හේතුවෙන් මියගිය ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ 66 හැවිරිදි තැනැත්තාගේ 

ආශ්‍රිතයන් 11 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කරයි.


කඩවත ප්‍රදේශයේ ඇණ සකස් කිරිමේ කම්හලක සේවය කරන පිරිසක් මේ අතර වන බව සඳහන් කළ වෛද්‍ය නිලධාරිවරයා කම්හලෙහි සේවය කරන කාන්තාවන් දෙදෙනකු ඇතුළු ආශ්‍රිතයන් පිරිසක් මෙලෙස ආසාදිතයන් බවට පී.සී.ආර්. පරික්ෂණයේදී තහවුරු වූ බවද කීය. මෙම ආසාදිතයන් ගණේමුල්ල සහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගැනීමෙන් අනතුරුව කළ සොයා බැලීමේදී මොවුන් විශාල පිරිසක් ඇසුරු කොට ඇති බැවින් එම පිරිස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය නිලධාරිවරයා පැවසූ අතර පළමු පෙළ ආශ්‍රිතයින් 78 දෙනෙකු 16 දා  පී.සී.ආර්. පරික්ෂාවට ලක්කළ බවද කීය.


- තිලකරත්න දිසානායක -