කොළඹ දේශීය ආදායම් කාර්යාල කොරෝනා ආසාදිත ආරක්ෂක නිලධාරියකු නිවාඩු ලබා කොටවෙහෙර තම නිවසට පැමිණ සතියක් ගතකර යාම හේතුවෙන්, සමීප ආශ්‍රිතයන් ලෙස එම පවුලේ අය සමග පවුල් 03 ක 10 දෙනකු නිරෝධායනයට ලක්කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවැසීය.




ආසාදිත ආරක්ෂක නිලධාරියා පසුගිය 05 වැනිදා නිවසට පැමිණ යළි 12 දා සේවයට ගොස් ඇති අතර, එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවැසීය.

ඒ අනුව නිරෝධායනයට ලක් කළ පිරිස් වලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද, සෙසු පිරිස් වලටද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරන ලෙසද උපදෙස් ලබාදුන් බවද, නිරෝධායනයට ලක් කළ පිරිස්වලට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.


 - ප්‍රියාණි මංගලිකා -