බාල වයස්කාර තරුණියක ජපානයෙන් පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇය සඟවා තබා ගැනීම සහ දූෂණය කිරීම පිළිබඳව චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ ඇයගේ පෙම්වතා අධිකරණය හමුවට ඊයේ (3) ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තියෙන් සහ අගතියට පත් පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය සැකකාර පෙම්වතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියෝග කළාය. ඇප නියමවූ සැකකරු වූයේ කොච්චිකඩේ පළඟතුරේ පදිංචි ආර්.එම්. කසුන් මධුශංක (24) නමැත්තෙකි. ඉකුත් මාර්තු මස 3 වැනිදා මවුපියන්ගේ අවසරයකින් තොරව 15 හැවිරිදි ඔසකි ෆෝරා නමැති තරුණිය මවුපිය භාරයෙන් අපහරණය කිරීමේ පැහැර ගැනීමේ චෝදනා මත සැකකාර පෙම්වතා රිමාන්ඩ් භාරයට පත්කර සිටියේය.
මාරවිල මුහුදුකටුවේ තම ඥාති නිවසක මාස 7ක පමණ කාලයක් ජපන් පෙම්වතිය සමඟ සැඟවී සිටි අවස්ථාවේදීය ඒ. ඔවුන් කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
ඊට අමතරව ජපන් ජාතික වයස්ගත තම මවගේ දෙවැනි සැමියා වූ ශ්‍රී ලංකිකයෙකු ජපන් ජාතික තරුණිය ශ්‍රී ලංකාවේ සංචාරක හෝටලයක දී දෙවරක් ඇයගේ මව හමුවේ දූෂණය කළ බවට ඇය ප්‍රකාශ කළත් ජපන් පරිවර්තකයා ඒ බව පොලිසියට ප්‍රකාශ නොකර වසන් කළ බව කීය.
එම පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ වීරසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇති දැයි අගතියට පත් පාර්ශවයෙන් ප්‍රශ්න කළාය. එහිදී අගතියට පත් පාර්ශ්ව ය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සී.කේ. පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ සිදුවී ඇති කරුණු සහ ජපන් තරුණිය ගැබිනියක් වීම සැලකිල්ලට ගෙන තම දියණියගේ අනාගත ජීවිතය සලකා ඇය දැන් සැකකාර පෙම්වතාට පැවරීමට විරුද්ධ නොවන බවත් ඉදිරියේ දී තරුණ යුවළගේ විවාහයට ඇය කැමැත්ත දක්වන බවත්ය.
එම තත්වය සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය සැකකාර පෙම්වතා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය. ජපන් තරුණිය තවදුරටත් අධිකරණය භාරයේ පසුවන බැවින් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට ද නියෝග කෙරිණි.ඊට අමතරව මොරටුව ළමා නිවාසය භාරයේ පසුවන ස්පන් ජාතික තරුණිය හමුවීමට අධිකරණයෙන් අවසරය මත සැකකාර තරුණයාට අවස්ථාව ලබාදෙන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.
-ඩබ්ලිව්. කීර්ති -
0 Comments