ලොව සම තැනකම පාහේ ක්‍රීඬාවේදී යම් යම් අපයෝජන සිදුවන බව ඛේදනීය යථාර්ථයකි. ඇමරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්, 40%-50% අතර ප්‍රමාණයක් සුළු මට්ටමේ ලිංගික හිංසනයන්ගේ සිට දරුණු අපයෝජනය  දක්වා වූ අත්දැකීම් විඳ ඇති බව කියැවේ.  ශ්‍රී ලංකාවද මෙයින් මිදී නැත. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2% ත් - 8 ත් අතර ප්‍රමාණයක් කාන්තා-පිරිමි, බාල-තරුණ භේදයකින් තොරව මේවාට මුහුණ දෙන බව පර්යේෂණයකින් හෙළිව තිබේ. මේ තත්වය මගින් ලොවපුරා ක්‍රීඩාවට කරන බලපෑම සලකා, එය මුළිනුපුටා දැමීමේ අරමුණින් යුතුව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරක්ෂිත ක්‍රීඩා සම්මුති ප්‍රකාශය විසින් සපයනු ලබන මර්ගෝපදේශ මත පදනම් වන ලිංගික හිංසන හා අපයෝජන වැළැක්වීමේ ප්‍රතිපත්තිය මත රැඳෙමින් ‘හිංසනය ක්‍රීඩාවක් නොවේ" යන තේමාවෙන් යුතුව ඒ උදෙසා හැකි සෑම අයුරකින්ම දායකත්වය ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යොදා ඇත.



ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාවට සහය දක්වන්නන් සහ නිලධාරින් දායක කරගනිමින් ක්‍රීඩාවේ සිදුවන මෙම හිංසනයට එරෙහිව නැගී සිටීමට හැකි වටපිටාවක් උදාවී තිබේ. මෙය යථාර්ථයක් බවට පත්කිරිමට කටයුතු කළේ ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුව විසිනි. සමස්ත ක්‍රීඩා ප්‍රජාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අනෙකුත් පාර්ශ්වයන් ආරක්ෂා කරන්නා වූ පිරිසිදු ක්‍රීඩා පරිසරයක් සඳහා ප්‍රතිපත්ති ව්‍යුහයන් නිර්මාණය කිරිමෙන් ජාතික ඔලිම්පික් කමිටුව මෙම හානිදායක සංසිද්ධියට එරෙහිව සටන් කිරීමට කැපවී සිටියි. පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ද ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා ද මෙම ගැටළුව ජාතික කතිකාවේ පෙරමුණට ගෙන ඒමට අවශ්‍ය දැනුවත්භාවය මෙම ප්‍රතිපත්තිය මගින් ගෙන ඒම ජාතික ඔලිම්පික් කමිටුව බලාපොරොත්තු වේ.


එමගින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් විදහා දැක්වීමට සැබෑම අවස්ථාවක් ලබාදෙන නිදහසේ පරිසරයක් නිර්මාණය කිරිම හා එසේ කිරිම මගින් ඉහළම තලයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරිම දක්වා පෙරමුණට යෑමට හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව දැඩි කැපවීමෙන් යුතුව පියවර ගනිමින් සිටියි. මෙම ජාතික ව්‍යාපෘතිය තවමත් ළදරු අවදියේ පසුවන නමුත්  මේ පිළිබඳ සැබෑ ලෙසින් හඬ අවදි කිරිමට රට පුරා අදාළ ප්‍රජාවන්ට දැන් අවස්ථාව උදාවී තිබේ.  එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා සහ ජාතික ඔලිම්පික් කමිටු පැමිණිලි කමිටුවේ සභාපතිනි ජයන්ති කුරුඋතුම්පාල අදහස් දක්වමින් මෙසේ කීවාය.


“අපි, ක්‍රීඩාව ආකර්ෂණීය හා සුරක්ෂිත නොකරන්නේ නම්, ජාත්‍යන්තර ක්‍රීඩාව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරිම සඳහා  හොඳම පුද්ගලයන් සොයාගැනීමට නවකයන් හෝ නව අවස්ථා අපට හිමිවන්නේ නැහැ. අපි ක්‍රීඩාව තුළ හිංසනය තුරන් කළ යුතුයි. හිංසා කිරිම මගින් සියලු දේම යටපත් කරනවා" යයි ඇය  සඳහන් කළාය.  ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩාව තුළ ලිංගික හිරිහැර සහ අපයෝජනය සම්බන්ධයෙන් කටයුතු කිරීම හා එය වළක්වා ගැනීම නිවැරදි දිශානතියක් සහිත පියවරක් බවට සහතික කිරිම සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නියම කරන ලද මූලධර්ම අනුගමනය කරමින් සිටින බවයි.  මෙම ලිංගික හිරිහැර හා අපයෝජන ප්‍රතිපත්තිය ගොඩනැඟු නීති උපදේශක ජීවන් ගුණතිලක මහතා වර්තමානයේ ක්‍රීඩා ප්‍රජාව තුළ එවැනි ප්‍රතිපත්තියක වැදගත්කම හා අදාළත්වය පහදා දෙමින් “සියල්ල පිළිවෙලින් පෙළගස්වමින් අපට අවශ්‍ය වූයේ සෑම අංශයක්ම ආවරණය වන පුළුල් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම බව පැවසීය.


“මා පැවසූ පරිදි, විවිධාකාරයේ ලිංගික හිරිහැර තිබෙනවා. ශාරිරික සම්බන්ධතාවයකට පරිභාහිර වුවත්, යම් අවස්ථාවක පැවසූ වචනයක් පවා ලිංගික හිරිහැරයකට සමානයි" යයිද ඔහු පැවසීය. 
“මෙරට බොහෝ ජාතික ක්‍රීඩා සම්මේලන, පොදු විනය ගැටළුවක් ලෙසින් ලිංගික හිරිහැර සම්බන්ධයෙන් කටයුතු කළත්, කිසිදු ජාතික සම්මේලනයකට ලිංගික හිංසනය සම්බන්ධයෙන් කිසියම් විශේෂිත ප්‍රතිපත්තියක් තිබේ යැයි මා සිතන්නේ  නැහැ. ඒ නිසයි අපි මෙම ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරිමට තීරණය කළේ" යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.


ලිංගික හිරිහැර හා අපයෝජන වැළැක්වීමේ ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථය වන්නේ සියලු පාර්ශ්වකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, පරිපාලකයන්, තේරීම් කමිටු සාමාජිකයන්, ක්‍රීඩා සෞඛ්‍ය පරිපාලකයන්, දෙමාපියන් හා ප්‍රේක්ෂිකයන්ට පවා කිසියම් හෝ ආකාරයකට ක්‍රීඩාවේ සිදුවන ලිංගික හිරිහැර හා අපයෝජනයන් හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට හැකි බව තහවුරු කිරිමයි. ලිංගික හිරිහැර හා අපයෝජන ප්‍රතිපත්තියේ ප්‍රධාන පරමාර්ථය වනුයේ වින්දිතයන් වෙනුවෙන් සහාය පතන්නට සියලු පාර්ශ්වකරුවන් දිරිගැන්වීම හා බලගැන්වීමයි. ඒ අනුව වින්දිතයාට පමණක් නොව ඕනෑම අයෙකුට ලිංගික හිරිහැර හෝ අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ හැකිය. පවුලේ සාමාජිකයන්ට, මිතුරන්ට,  ප්‍රේක්ෂිකයන්ට හෝ සමීපව බලා සිටින්නෙකුට අවශ්‍ය නම් පැමිණිල්ලක් කළ හැකි මෙන්ම එසේ කළ යුතුය.


දැකීමෙන්, ඇසීමෙන් හෝ දැනීමෙන් අපයෝජනය තනිවම හඳුනාගැනීමට සමත්වීම ප්‍රමාණවත් නොවේ. මෙම ගැටලුව පිළිබඳ කතා කිරීමට, දැනුවත් කිරිමට හා ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රජාව දිරිමත් කර ඇති අතර එම නිසා ලිංගික හිරිහැර හා අපයෝජන වැළැක්වීමේ ප්‍රතිපත්තිය මඟින් පාලනය වන බලධාරින්ට නිසි ක්‍රියාමාර්ග ගත හැකිය. ආරක්ෂිත ශක්තිමත් ශ්‍රී ලංකා ක්‍රීඩා ප්‍රජාවකට සහාය වන ඕනෑම අයෙකුට හිරිහැර කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් හඬ නගා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී. පැමිණිලි කරන්නා හෝ වින්දිතයාගේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම විමසීම් නිර්නාමික ව තබාගනු ඇත. ලිංගික හිරිහැර හා අපයෝජන ප්‍රතිපත්තිය යටතේ වන පැමිණිලිසඳහා මූලික විමර්ශන ආයතනය වන පැමිණිලි කමිටුව ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂඥයින්, මනෝවිද්‍යාඥයින්, නීති උපදේශකයන් හා ජයන්ති කුරුඋතුම්පාල, ශාරන්‍ය සේකරම්, සබීරනා එසුෆලි, දිල්ලායි ජෝෂප්, නීඩ්‍රා වික්‍රමසිංහ, කැරිල් ටෝසර්,  වෛද්‍ය නිහාල් ද සිල්වා, ශමලා ගෝමස්, ඩීරයොඩිර මොරායෙස් සහ ප්‍රීති ආදීහෙට්ටි වැනි කීර්තිමත් චරිතයන් ඇතුළත් වෙනත් සහාය කණ්ඩායම්වලින් සැදුම්ලත් සත් සංචිතයකින් සමන්විතය.


ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ‘හිංසනය ක්‍රීඩාවක් නොවේ' ව්‍යාපෘතිය සහ ඔවුන්ගේ ලිංගික හිරිහැර හා අපයෝජන වැළැක්වීමේ ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.olympic.lk/harassmentisnogamc වෙබ් අඩවියට පිවිසෙන්න