සිදුකළ පී.සී.ආර්.  පරීක්ෂණ අනුව සේවකයින් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග කළුතර නගරයේ හෝටල් දෙකක් ඇතුළු වෙළඳ ආයතන තුනක් වසා දැමීමට කටයුතු කළ බව කළුතර ජාතික සෞඛ්‍ය 
විද්‍යායතනයේ ප්‍රාදේශිය පරිපාලන මහජන  සෞඛ්‍ය පරීක්ෂක ආර්.පී. සිංහබාහු මහතා ඊය(6) කීය. ඒ අනුව කළුතර නගරයේ සියලුම හෝටල් ඇතුළු වෙළෙඳ ආයතනවල හිමිකරුවන්  ඇතුළු සේවකයින් සියලු දෙනාම පී.සී.ආර්. පරික්ෂණවලට භාජන කිරීමට ඊයේ (6) කටයුතු යොදා තිබුණි.


කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේදී හා කටුකුරුන්ද වෙට්ටුමකඩ මුස්ලිම් දේවස්ථානයේදී මෙම පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන බවත්, ඊට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 12 දෙනකුගේ සේවය ලබාගන්නා බවත් ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා වැඩිදුරටත් කීය.

-සුනීල් එස්. තන්ත්‍රිආරච්චි-