තමා සමාජ මාධ්‍ය පරිශීලකයින් ලියාපදිංචි වියයුතු බවට කළ ප්‍රකාශයක් වැරදි අර්ථයෙන් ප්රවෘත්ති මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එය නිවැරදි විය යුතු බව පවසන ඔහු සමාජ මාධ්‍ය පරිශීලකයින් ලියාපදිංචිය රජයේ අභිප්‍රාය නොවන බව දන්වා සිටී. නමුත් එම මාධ්‍ය බෙදා හදා ගන්නා දේ ගැන වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය බව තමා දන්වා සිටි බව කියා සිටියි. ලොව පුරා රජයන් සමාජ මාධ්‍ය හිමි ඩිජිටල් බහුජාතික සමාගම් හරහා දත්ත යටත් විජිතකරණයකට ලක්කර ඇති බව කියා සිටින ඇමතිවරයා මේමගින් අපගේ දේශීය ව්‍යාපාර මධ්‍යම පරිමාණ සමාගම් යටපත් කිරීම සහ දුරස් කිරීම සිදු කර ඇති බව කියා සිටියි.
බහුජාතික සමාගම්වල ඩිජිටල් වේදිකා හරහා රට හැර යන මුදල් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ කර්මාන්තකරුවන් වෙත හිමිවිය යුතු බව ඔහු පවසයි.
එබැවින් සමාජ මාධ්‍ය සමාගම් කොල්ලකාරී ශිල්පීය ක්‍රම මගින් ලංකාවෙන් විශාල මුදලක් ඉපැයීමට කටයුතු කරන නිසා එවැනි විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම ගැන රජය සලකා බලමින් සිටින බවත්
සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා භාවිතා කරන්නන් ඉදිරියේදී රජයේ ලියාපදිංචිවී ආදායම් ඉපැයිය යුතු බවත් පවසයි.
0 Comments