කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඖෂධවේදියකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ බිරිය ගුරුවරියක ලෙස සේවය කරන පොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ පාසලක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 


ආසාදිත ඖෂධවේදියා පොල්ගහවෙල බන්දාව පදිංචිකරුවෙකි. ඔහු ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් ඔහු සමග සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායනික ඖෂධ නිකුත් කිරීමේ ඒකකයේ තවත් ඖෂධවේදීන් කීප දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

ආසාදිත ඖෂධවේදියා සේවය කරන වෛද්‍ය සායනික අංශයෙන් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

කොරෝනා ආසාදිත ඖෂධවේදියාගේ බිරිය නිරෝධායනයට ලක්කර පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන තෙක් සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය සේවය කරන පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

(පුෂ්පකුමාර ජයරත්න)