කුරුවිට යුද හමුදා කදවුර තුළ දී බුද්ධ ප්‍රතිමාවක අනුරුවක් ආදාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැරදි  මතයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.
2014 වසරේ වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා බට පතුරු සහ කඩදාසි යොදා ගනිමින් සකස් කළ අනුරුවක් දිරාපත් වීම හේතුවෙන් ආගමික වතාවත් ඉටුකොට පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙලෙස ආදාහනය කිරීමට පියවර ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම සිදුවීම පාදක කරගනිමින් වැරදි අර්ථ කථනයක් ලබාදෙන ආකාරයේ ප්‍රවෘත්ති සහ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.