මජනතාවගේ විරෝධය නොතකා මුදල් අමාත්‍යාංශය අලුතින් සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීමට සූදානම් වන්නේ යැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේතු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
දේශීය වයින් වර්ගයක් නිෂ්පාදනය කිරීම සඳහා බව පවසමින් මහාපරිමාන ව්‍යාපාරිකයකුට එම සුරාබදු නිෂ්පාදන බලපත්‍රය ලබාදීමට ලහි ලහියේ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීය. වයින් ලීටරයක් සඳහා බද්ද රුපියල් 3200 ක් පමණ වන අතර දේශීය වයින්
සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීමේදී ස්ථානීය පරික්ෂාවක් සිදු කිරීම මහජනතාවගේ අදහස් උදහස් ලබා ගැනීම සහ ඒ ගැන සලකා බැලීමත් තවත් ක්‍රමවේද රැසක් අනුගමනය කළ යුතු නමුත් මෙම බලපත්‍රය ලබාදීමේදී එවැනි කිසිවක් කර නැතැයිද පතිරණ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොරෝනා වසංගතය පැතිර යමින් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙන අවස්ථාවක රටට බදු ආදායම තව තවත් අවශ්‍ය හෙයින් මෙවැනි බදු වංචාවකට ඉඩ නොතැබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දේශීයව වයින් නිෂ්පාදනය කිරීමට බව පවසමින් රටේ බදුවංචා කිරීමට ව්‍යාපාරිකයින් ඉඩ නොතැබිය යුතු බවද බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙරට සුරාබදු නිෂ්පාදන බලපත්‍ර 25 ක් ක්‍රියාත්මක අතර ඉන් සුරාබදු ආදායමට දායකවන්නේ බලපත්‍ර හිමියන් 5 දෙනෙකු පමණක් බවද පැවසූ මන්ත්‍රීවරයා ඉතිරි සුරාබදු නිෂ්පාදන බලපත්‍ර හිමියන් 20 දෙනාම සුරාබදු ආදායමෙන් සියයට 5 ක් පමණකැයිද කීය. ඒ තත්ත්වය අනුව සුරාබදු වංචාවක් සිදුවන බව පැහැදිලිවන්නේ යැයිද ඒ පිළිබඳව ආණ්ඩුව සොයාබැලිය යුතු බවද පතිරණ මන්ත්‍රීවරයා පැවසීය.
- රංජන් කස්තුරි -
0 Comments