එක්සත් රාජධානියෙන් වාර්තා වන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇතැයි 'ද ගාඩියන්' පුවත් වෙබ් අඩවිය ඊයේ (21) වාර්තා කළේය. එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන් දෙදෙනකුට මෙම නව කොරෝනා වයිරසයේ, නව ප්‍රභේදය ආසාදනය වී තිබෙන අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇතැයි ඔස්ට්‍රේලියානු බලධාරිහු සඳහන් කළහ.
සිඩ්නි නුවරින් පසුගිය දින කිහිපයේදීම වයිරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් වාර්තා වූ අතර එම සිදුවීම් සහ මෙය අතර සම්බන්ධයක් නැතැයි ද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරිහු ප්‍රකාශ කළහ. මේ තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ට දැඩි සීමා පැනවීම හෝ ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හෝ අවශ්‍යතාවක් නැතැයි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලී ඊයේ පැවැසීය. ඔහු එම තනතුරට පත්වූයේ ඊයේ (21) ය. එක්සත් රාජධානියෙන් පැමිණෙන සියලුදෙනා දින 14ක නිරෝධායනයකට යොමු කරන බවත් නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බැවින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් තවම නැති බවත් හෙතෙම කීය.
ලන්ඩන් නුවරින් මේ වනවිට ශීඝ්‍රයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා වයිරසයේ මෙම නව ප්‍රභේදය යැයි ද වාර්ත වේ.
('ද ගාඩියන්' සහ ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඇසුරින්)
0 Comments