කොරෝනා වසංගතය හේතුවෙන් මාස 9කට ආසන්න කාලයක් නවතා තිබූ දුර ගමන් බස් රථ සේවා හෙට (01දා) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.


මේ අනුව සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස්වලට අනුගත වෙමින් ලංගම හා පෞද්ගලික බස් රථ අදාළ
කාලසටහන්වලට අනුව ධාවනය කෙරෙන බව අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථද ඒ ආකාරයෙන්ම ධාවනය කෙරෙන බවත් අමාත්‍යාංශය පවසයි.

කෙසේ වුවද දුම්රිය ධාවනය තවදුරටත් කාර්යාල දුම්රියවලට පමණක් සීමා වන බවත් යාපනය,
කන්කසන්තුරේ, බදුල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය දුම්රිය සහ නගරාන්තර දුම්රිය හා රාත්‍රි තැපැල්
දුම්රිය සේවාවන් සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබුණු පසු ලබන මාසය මැද භාගයේදී පමණ ආරම්භ කිරීමට ඇති හැකියාවන් පිළිබඳව මේ වනවිට සාකච්ඡා කෙරෙමින් තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්
අමුණුගම මහතා පවසයි.


උපතිස්ස පෙරේරා