
මහර බන්ධනාගාර සිද්ධියේදී මරණයට පත්ව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි රාගම රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවෙමින් තිබූ හඳුනාගත් මුල් රැඳවියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු තාවකාලිකව නතර කර දමා ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට හේතු කාරණා වී ඇත්තේ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් පත්කර තිබීමය.
මෙම සිදුවීමේදී රැඳවියන්ට ආරක්ෂක අංශ වෙඩි තැබීමකින් මරණ සිදු නොවූ බවට අදාළ රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබුණි.
මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන් සම්බන්ධව කරුණු විමසීම සඳහා වත්තල මහේස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා ඉකුත් 4වැනිදා රාගම පොලිස් ස්ථානාධිපතිව අධිකරණයට කැඳවා තිබුණි. එදින නීතිපති දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අංශයේ නිලධාරියෙකු පෙනී නොසිටීම හේතුවෙන් එම නිලධාරීන් මේ මස 11වැනි දින අධිකරණයට කැඳවන ලෙස රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මම කමිටුව පත්කර ඇති බව රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval