පුද්ගලයින් 8 කට මරු කැඳවමින් මහර බන්ධනාගාරයේ ඇතිවූ ව්‍යාකූල තත්ව පෙරේදා හා ඊයේ දිනයේ
වාර්තාවීමෙන් පසු ඊයේ සවසම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ධූරය දැරූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම තනතුරින් ඉවත් කොට ඇත. ඇයට ඒ වෙනුවට වෙනත් ඇමති විෂය පථ කිහිපයක් ලබාදී ඇති අතර බන්ධනාගාර විෂය යටතේ නව ඇමතිවරයෙකු අද (1) දින පත්කරනු ඇතැයි රජයේ ආරංචි වාර්තා කර තිබේ.
විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඊයේ සවසම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනිය ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නාය.
Comments
Post a Comment
Your comment will be visible after approval